ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාව අවුලයි - ජීවිත හානි හා පවුල් රැසක් අනාතයි
ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ බෙංගාල බොක්ක ආශ්රිතව හටගෙන ඉන්දියාව දෙසට ඇතුළු වූ 'ඔර්නබ්' සුළි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි.
ඒ අනුව සුළි කුණාටුව හේතුවෙන් ආන්ද්රා ප්රදේෂ්, ඔඩිෂා සහ පොන්ඩිචේරි යන ප්රදේශවලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිල වාර්තාවන්ට අනුව ගම්මාන 1,097ක පවුල් 830කට අයත් පුද්ගලයින් 59,028 දෙනෙකු සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
එමෙන්ම අධික සුළඟ සහ වර්ෂාපතනය හේතුවෙන් එම ප්රදේශවලට සිදුව ඇති සමස්ත දේපළ හා යටිතල පහසුකම් අලාභය ඉන්දීය රුපියල් කෝටි 4,600ක් පමණ වන බවට තහවුරු කර ඇත.
සමස්ත ජනගහනය 26 දෙනෙකුගෙන් යුත් මෙම කුඩා ගම්මානයේ පුද්ගලයින් 12 දෙනෙකු නායයෑමට හසුව අතුරුදහන් වී ඇති බව ප්රදේශයේ ආපදා කළමනාකරණ අංශ තහවුරු කරයි.
වර්ෂාව මධ්යයේම ප්රදේශවාසීන් 13 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබූ අතර, නායයෑම සිදුවන අවස්ථාවේ ගම්මානයේ රැඳී සිටි අනෙක් 13 දෙනා අතරින් එක් අයෙකු පමණක් බේරාගෙන සහන කඳවුරක් වෙත යොමු කිරීමට හැකිවී තිබේ. අතුරුදහන්ව සිටින 12 දෙනා සොයා මුදාගැනීමේ මෙහෙයුම් වේගවත් කර ඇත.