නැවතත් යුද්ධයකද? ඉරාන උත්තරීතර නායකයාගෙන් සන්නද්ධ හමුදාවට නියෝග

Report

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි විසින් ඕනෑම සතුරු තර්ජනයකට එරෙහිව භූගෝලීය සීමාවන්ගෙන් තොරව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට පූර්ණ සූදානමකින් පසුවන ලෙස එරට සන්නද්ධ හමුදාවල ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ට නියෝග කර ඇත.

ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි ඉරාන රාජ්‍ය පුවත් සේවය වන 'IRNA' වාර්තා සඳහන් කරන පරිදි, එරට හමුදා ප්‍රධානීන් සහ උසස් නිලධාරීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී උත්තරීතර නායකයා විසින් මෙම උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

රටේ උපරිම ආරක්ෂාව සහ සූදානම තහවුරු කර ගැනීම සඳහා සතුරන්ට එරෙහිව දැඩිව සහ නොපසුබටව මුහුණ දීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත.

ඉරාන උත්තරීතර නායකයා දැඩි ලෙස අනතුරු අඟවා ඇත්තේ සතුරන් විසින් නැවත වරක් යම් හමුදාමය හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහොත්, එම ගැටුමේ නිමාව සනිටුහන් වන වේලාව සහ ඊට අදාළ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදාවන් සහ ඉරාන ජනතාව විසින් බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයේ දෝෂයක් - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

"සතුරන් නැවත වරක් මිලිටරි හෝ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කළහොත්, ඔවුන්ගේ අවසානය සඳහා කාලය සහ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉස්ලාමීය ජනරජයේ සහ ඉරාන ජාතියේ සන්නද්ධ හමුදාවන් විසිනි" කමේනි එහිදී පවසා තිබේ.