අන්දමන් නිකොබාර් දූපත් ආශ්රිතව පීඩන අවපාතයක් - නොවැම්බර් 2 දක්වා ඇති අනතුර මෙන්න
ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද අන්දමන් හා නිකොබාර් දූපත් ආශ්රිත මුහුදු ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පද්ධතිය බටහිර-වයඹ දෙසට ගමනු කරනු ඇති බවය.
ඒ අනුව එය අද (31) රාත්රී 11.30ට පමණ වනවිට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයටවීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මෙය තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, හෙට (01) පෙරවරු 11.30ට පමණ වනවිට ගිනිකොණදිග සහ ඊට යාබද නිරතදිග හා බටහිර-මධ්යම බෙංගල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්ය.
ඉන් අනතුරුව නොවැම්බර් මස දෙවැනිදා පස්වරු 05.30ට පමණ වනවිට ආන්ද්රා ප්රදේශ් වෙරළට ආසන්න බටහිර-මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය වෙත ළඟා වනු ඇති බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුටරත් නිවේදනය කළේය.