ට්‍රම්ප් ලංකාවේ බදු අඩු කරේ නැත්තේ යෝජනාවට බෑ කියපු නිසාද? අනාවරණයක්
ඇමෙරිකාවේ “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය යටතේ ඉකුත් අප්‍රේල් 2 වන දා මෙරටට පැනවීමට යෝජනා කළ සියයට 44 ක තීරු බද්ද අඩුකර ගැනීමට කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව චීනය සමග කරන වෙළෙඳ කටයුතු යම්යම් සීමා කිරීම්වලට යටත් කිරීමට පියවර ගන්නා ලෙස ඇමෙරිකා බලධාරීන් යෝජනා කර ඇතත් මෙරට මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකා බලධාරීන් එම යෝජනා ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
ඒ අනුව “අන්‍යෝන්‍ය බදු” ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ලබා දුන් දින 90 ක සහන කාලය අවසානයේදී විශාලතම බදු අඩුකිරීම් ලබාගත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද අයත් වීමේ ප්‍රතිඵලයක් ලෙස සියයට 44 ක තීරු බද්ද සියයට 30 දක්වා අඩු කර ගැනීමට සමත් විය.
ඒ අනුව ඉකුත්දා සියයට 14 ක ප්‍රතිශතයකින් තීරුබදු අඩු කිරීමේ දැනුම් දීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලිපියක් මාර්ගයෙන් නිල ලෙස මෙරට ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෙහිදී බංග්ලාදේශය, ලාඕසය, මියන්මාරය සහ කාම්බෝජය වැනි තරගකාරී රටවලට පනවා තිබෙන තීරුබදු ප්‍රතිශතවලට වඩා ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිශතය අඩු මට්ටමක පැවැතීම නිසා ලබාගත් ප්‍රගතිය ගැන ශ්‍රී ලංකාව සතුටු වුවත් වියට්නාමය වැනි රටවලට පනවා ඇති තීරු බද්ද අප රටට වඩා අඩුවීම නිසා යම් කැළඹීමක් ද පවතී.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර වෙළෙඳාමේ දී තිබෙන අසමානතා ජනපති ට්‍රම්ප් අඳාළ ලිපියෙන් පෙන්වා දී ඇති අතර මෙරට බදු, බදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක නිසා වෙළෙඳාමේ දී දෙරට අතර “අන්‍යෝන්‍ය” සබඳතාවක් නොමැති බව ද එහිදී දක්වා තිබෙනවා.
ඒ අනුව එහි සඳහන් කර ඇත්තේ එය ඇමෙරිකාවේ ආර්ථිකයට මෙන්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් වෙළෙඳ හිඟය ආමන්ත්‍රණය කිරීමට සියයට 30ක තීරු බද්ද අත්‍යවශ්‍ය බවයි.
එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ ලබන මස 1 වන දා පටන් ඇමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයකටම සියයට 30 තීරු බද්දක් අය කරන බවත් එම බද්ද අය කරන්නේ අනෙකුත් බදුවලට අමතරව බවත් ය.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්
