කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත ඉකුත් 9 වන දින මැලේසියාවේදී ජාත්‍යන්තර පොලීසියෙන් අත්අඩංගුවට ගත් පුවතක් සංසරණය වීමත් සමඟ සමාජයේ නොයෙකුත් කතිකා මතු වුණා.
එම පුවත අසත්‍ය බවටත් තවත් පුවත් මතුව ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල තොරතුරක් දැන ගැනීමට අප පොලීස් මාධ්‍ය අංශය දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා.
ඒ අනුව පොලීසි මාධ්‍ය අංශය සඳහන් කළේ මෙතෙක් එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් පොලීසිය වෙත ලැබී නැති බවයි.
ඒ අනුව තොරතුරක් ලද සැණින් ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන බවත් මෙහිදී පවසා සිටියා. ඊට අමතරව හෙට දිනයේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පොලීසියෙන් විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වීමට කටයුතු කරන බවත් එහිදී දැනුම් දෙන ලදි.
ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වූ ගණේමුල්ල සංජීව කොළඹ උසාවි සංකීර්ණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවීම පිළිබඳව සෘජුවම චෝදනා එල්ල වූයේ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහා කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනාටයි.
ඒ අනුව පහුගිය දින (9) මැලේසියාවේදී මෙම කෙහෙල්බද්දර පද්මේ හා කොමන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වීමත් සමඟ ශ්‍රී ලංකා පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ තොරතුරු නිල වශයෙන් ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලා ඇති බව සඳහන් වුණා.
කෙසේ වෙතත් අඳාළ පුවත අසත්‍ය බව වාර්තා වූයේ නඳුන් චින්තකගේ බිරිඳ වන මහවැව මහේෂිකා මධුවන්ති විසින් තම සැමියා මැලේසියාවේදී කෙහෙල්බද්දර පද්මේ සමඟ පොලිස් අත්අඩංගුවට පත්වූ බවට අසත්‍ය පුවතක් පළ කළ මාධ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලමින් නීතිමය එන්තරවාසි යොමු කිරීමත් සමඟයි.
ඒ අනුව මෙම එන්තරවාසිවල සඳහන් වූයේ අදාළ මාධ්‍ය ආයතන පළ කළ පුවත මුළුමනින්ම අසත්‍ය බවත් එය නඳුන් චින්තකගේ සහ ඔහුගේ පවුලේ සමාජ ගෞරවයට හානි කිරීමට හේතු වූ බවත් ය.
තත්ත්වය එසේ තිබියදී මැලේසියාවේදී පොලිස් අත්අඩංගුවට පත් වූ බව කියූ කමාන්ඩෝ සලින්ත සහ කෙහෙල්බද්දර පද්මේ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා මෙරට ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්ව පවසා සිටියේ ඔවුන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැත යනුවෙන්ද වාර්තා වුණා.
ඒ අනුව එම සාකච්ඡාව පහත පරිදී සිදුව ඇති බව වාර්තා වේ.
ප්‍රශ්නය "ඔබ සංවිධානාත්මක පාතාල කල්ලි නායකයෙක්. අනෙකා දැඩි පාතාල කල්ලි නායකයෙක්. ඔබ දෙදෙනාම මැලේසියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.ඉතින් ඔබ එතැනින් පැන ගියේ කෙසේද?
පිළිතුර "කවුද කිව්වේ. මාව මැලේසියාවේදී අත්අඩංගුවට ගත්තා?"
ප්‍රශ්නය "ඔබ පමණක් නොව, ඔබේ බිරිඳ, පුතා සහ කමාන්ඩෝ සාලින්ද ද අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ තොරතුරු රටේ මාධ්‍යවල සහ සමාජ මාධ්‍යවල පවා පළ වුණා. මේ සඳහා ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
පිළිතුර "මාධ්‍යවල තොරතුරු පළ වූ නිසා මාව අත්අඩංගුවට ගත්තා කියලා ඔබ කියන්නේ කොහොමද? මේක නාට්‍යයක් පමණයි. ඒක කාගේ සැලැස්මක්දැයි මම දන්නේ නැහැ. මමත් ඒකට ගොඩක් කැමති වුණා. මාව එහෙම අත්අඩංගුවට ගත්තා නම්, මාව සහ මගේ පවුලේ අයව මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට නොහැකි වුණේ ඇයි?
ප්‍රශ්නය ඔබ බොරු කියනවා වගේ. එසේ නොමැතිනම්, අත්අඩංගුවට ගැනීම නිවේදනය කළ විට එය බොරුවක් බව ඔබ පැවසිය යුතු නොවේද?
පිළිතුර "පළමුව, හරක් ඛට්ටාගේ බිරිඳ මගේ පෙම්වතිය නොවේ. මම ඇයව හොඳින් හඳුනමි. අපි ඩුබායිහිදී හමුවුණා. ඇය මගේ හොඳම මිතුරිය. එතනින් එහාට අපිට කිසිම සම්බන්ධයක් නැහැ. අපි තවමත් හොඳ මිතුරන්. මම මුලින් කියන්න කැමති වුණේ නැහැ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා. මම සතුටින් හිටියා. පැය කිහිපයක් අනිත් අයට ඒ සතුට භුක්ති විඳින්න දුන්නා.
ප්‍රශ්නය.. ඉතින් ඔයා මැලේසියාවේ නැත්නම් දැන් කොහෙද ඉන්නේ?
පිළිතුර.. "ඇයි ඔයා දැන් මම කොහෙද ඉන්නේ කියලා අහන්නේ? මම මගේ පවුලේ අය එක්ක රටක ඉන්නේ. මට කියන්න පුළුවන් එච්චරයි. ආරක්ෂක අංශවලට පුළුවන් නම් මාව හොයාගන්න කියන්න.
ප්‍රශ්නය.. "මේ අපරාධ කවදා ඉවර වෙයිද? ඇයි ඔයා නීතිය අතට අරන් මෙහෙම වැඩ කරන්නේ?
පිළිතුර.. මගේ තාත්තා මැරුණු දවසෙ මම නීතිය අතට ගත්තා. ඒක මගේ තාත්තාව මරපු අයගෙන් පළිගන්න.
ප්‍රශ්නය.. ඉෂාරා කොහෙද?
පිළිතුර.. "එයා දැන් ඩුබායි වල හොඳින් ඉන්නවා. "හැමෝම ඉක්මනින්ම එයා ගැන දැනගන්නවා." නමුත් කවුරුහරි ආයෙත් මාත් එක්ක රණ්ඩු වෙන්න ආවොත්. මම එයාලට යන්න දෙන්නේ නැහැ.
ප්‍රශ්නය.. ඉෂාරා සෙව්වන්දි මොකද කරන්නේ?
පිළිතුර.. අපි දවස් කිහිපයකින් දැනගන්නවා. දැන් ඒ ගැන කතා කරන එක හොඳ නැහැ."
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ඇති මාධ්‍ය සදාචාරය පිළිබඳව ද පොලීසියේ අවධානය යොමු කර ඇති බව පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වන විට කෙහෙල්බද්දර පද්මේ සහ ඔවුගේ අනියම් බිරිඳ සහ කමාන්ඩෝ සලින්ත මැලේසියානු ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට වූ වාර්තා සමඟ මෙරට පොලීසිය ඔවුන් රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එරටටත්, තවත් නිලධාරීන් කණ්ඩායමක් තායිලන්තයටත් පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔවුන් රැගෙන ඒමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට දිනයේදී නැවත මෙරටට පැමිණිමට නියමිත බවත් විවිධ පුවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම නාටකයේ ඇත්ත නැත්ත පොලීසියෙන්ම නිල වශයෙන් දැන ගැනීමට හෙට දින පවත්වන බව කියන විශේෂ මාධ්‍ය සාකච්ඡාවෙන් හැකි වනු ඇත.
