ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

Sri Lanka Army Sarath Fonseka Ministry of Defense Sri Lanka Latest Headlines Sinhala news
By Ashfa Jul 12, 2025 06:13 AM GMT
Ashfa

Ashfa

Report

අවසන් පාලනයන්ට වඩා මේ මැතිවරණයෙන් පත්වූ රජය යහපත් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

ඔහු මේ අදහස් දැක්වූයේ, කැලණිය තොරණ හන්දියේ දී ඇසළ පුන් පොහොය නිමිත්තෙන් පැවති 20 වැනි නව එක්සත් මිතුරු කැල ෆැස්ටා දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

අත් අඩංගුවට ගත්තා කිව්ව අයට හික් ගෑවෙන්න පද්මෙගෙන් ලයිව් සප්‍රයිස් එකක්

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමින් ඔහු මෙසේද පැවසීය:

” මේ රජයේ ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයා යම්කිසි කාර්ය භාරයක් සිදුකරනවා. නමුත් තවම සාධාරණ සාර්ථක දෙයක් මෙතෙක් දුරට පාතාලයේ ක්‍රියාකාරකම් නවත් වන්නට කෙරිල නැහැ. මේ දිනවල මරා ගැනීම් තියෙන්නේ මූලිකවම මත්ද්‍රව්‍ය ජාවාරම් ව්‍යාපාරය හරහායි. මත්ද්‍රව්‍ය අපේ සමාජයට පිළිලයක් වෙලා. ආරක්ෂක ලේකම් කම ගන්න කිව්වට මම පිළිගන්නේ නැහැ.

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ශ්‍රී ලාංකිකයින්ට නොමිලේ එක්සත් රාජධානියට යාමට අවස්ථාවක්

ලේකම්ලා ඉන්නේ මෙහෙයුම් කරන්න නොවේ. ලේකම්ලා අමාත්‍යාංශ වල විගණන නිලධාරී හැටියට ඉන්නේ. කොහොමටත් මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් නිසා රජයේ තිබෙන පිළිවෙළ අනුව ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් රඳවලා තිබෙන්නේ ඇමතිවරු සිටින ස්ථානයේ. මේ වැඩේ කාට වුණත් කරන්න නම් මේ වැඩේ ගැන වග කීමක් පැවරෙන්න ඕනා.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

පුරෝහිතලාට මේ වැඩේ කරන්න බැහැ. මේ රටේ තිබුණ පාලනයට වඩා මේ පාලනය හොඳයි. අපේ යම්කිසි අංශ වලින් පසුබෑම් තිබෙනවා. අපට බඩගින්නේ ඉන්න වුණත් හොරකම්, මැරකම්, දුෂණ, නවත්වනවා නම් ඒකෙන් රටට යහපතක් වෙනවා.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

මේ වන විට රජයේ යම් කිසි උත්සාහයක් ගනිමින් තිබෙනවා හොරකම වංචාව දුෂණය නවත්වන්න.

අපේ රටේ සම්පත් අවභාවිතකළ අය හිර ගෙවල් වලට යනවා අපි දකිනවා. මේ ක්‍රමය සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම රටට විශාල ශක්තියක් වේව්. අපි සංස්කෘතියක් හැටියට සාර්ථක වෙයි. පළමුවෙන්ම හොරු ඇල්ලීම සිදු විය යුතුයි. ඒක නැතුව මොනවා කළත් වැඩක් නැහැ.” යැයිද පවසා සිටියේය.

ReeCha