ජනපතිගෙන් රටටම සුබ පණිවුඩයක් - 2028 අයවැය යටතේ තවත් බදු සහනයක්
2028 අයවැය යටතේ උපරිම පුද්ගලික ආදායම් බදු අනුපාතය වන 36% වෙනුවෙන් මාසික ආදායම් සීමාව රුපියල් 500,000 දක්වා වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළ බව සඳහන්.
ඒ අනුව වත්මන් බදු ව්‍යුහය යටතේ, උපරිම 36% ආදායම් බදු අනුපාතය රුපියල් 358,333 ඉක්මවන මාසික ආදායම සඳහා අදාළ වන අතර, 2027 අයවැය මඟින් මෙම සීමාව රුපියල් 433,333 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.
2027 අයවැය යටතේ මාසික බදු රහිත ආදායම් සීමාව රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා වැඩි කිරීමට ද නියමිත බව වාර්තා වේ.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ රාජ්‍ය අංශයේ සේවකයින් ආරක්ෂා කරන, ඔවුන්ගේ දුක්ගැනවිලි තේරුම් ගන්නා සහ හැකිතාක් දුරට ඔවුන්ගේ ඉල්ලීම් සපුරාලන රජයක් ශ්‍රී ලංකාවේ දැන් ඇති බවයි. කෙසේ වුවද රජය තර්ජන හෝ බලපෑම්වලට යටත් නොවන බව ද ජනපතිවරයා අවධාරණය කර ඇත.
තවත් විනාසයක්ද? තව දවස් දෙකකින් වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් - වෙන්න යන දේ ගැන විශේෂ කාලගුණ නිවේදනයක්
"සමහරු හිතන්නේ මේ ආණ්ඩුවෙන් තවත් හයියෙන් කෑ ගහලා වැඩිය දෙයක් ගන්න පුළුවන් කියලා. මතක තියාගන්න, මේ ආණ්ඩුවට කෑ ගහලා කිසිම දෙයක් ගන්න බෑ. ඔයාලා හඬ නඟන්නත් කලින් අපි ඒක කරනවා,"
එසේම ඔහු කියා ඇත්තේ ආර්ථික අර්බුදවලින් තොර රටක් ගොඩනැගීම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සාමූහික ඉලක්කය විය යුතු බවයි.
එමෙන්ම රටේ අනාගත ආයෝජන සඳහා වෙන් කර ඇති ප්‍රාග්ධන වියදම් අඩු නොකරන බවට ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික වූ අතර විවිධ ඉල්ලීම් හරහා අයවැයට බලපෑම් කිරීමෙන් ගැටළු ඇති කිරීමේ සැලැස්මක් ඇතැම් පක්ෂවලට ඇති බව ද පවසා ඇත.