කෝටි 2,060ක රන් හා දියමන්ති තෑග්ගක් තිරුපති දේවාලයට - චෙන්නායි යුවළක් කළ මහා පරිත්‍යාගය
ඉන්දියාවේ තිරුපති වෙන්කටේශ්වර දේවාලයට ඉන්දීය රුපියල් කෝටි 2,060ක් (රුපියල් බිලියන 20.6ක්) වටිනා රන් හා දියමන්ති ආභරණ පරිත්‍යාග කිරීමට චෙන්නායි නුවර ධනවත් යුවළක් කටයුතු කර තිබෙනවා.
රන් කිලෝග්‍රෑම් 121කින් සමන්විත මෙම පරිත්‍යාගය සිදුකර ඇත්තේ වර්ධමාන් සහ රාධිකා ජේන් නමැති යුවළ විසින්. ඊයේ (26) බ්‍රහස්පතින්දා ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායිදු මහතාගේ සහභාගීත්වයෙන් මෙම ආභරණ තිරුමලා තිරුපති දේවස්ථාන පාලක මණ්ඩලයේ (TTD) පූජකවරුන් සහ නියෝජිතයන් වෙත භාරදී තිබෙනවා.

දියමන්ති ඔබ්බවන ලද රන් ආභරණ ද මෙම පරිත්‍යාගයට ඇතුළත් වන අතර, එය දේවාලයට සිදුකළ සුවිශේෂී පරිත්‍යාගයක් ලෙස සැලකෙනවා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මහ ඇමති චන්ද්‍රබාබු නායිදු මහතා යුවළගේ පරිත්‍යාගය අගය කරමින් සඳහන් කර ඇත්තේ එය ආගමික භක්තියේ සුවිශේෂී ප්‍රකාශනයක් බවයි. දේව ආශීර්වාදයක් අනුව මෙම පරිත්‍යාගය සිදුකළ බව යුවළ තමන්ට පැවසූ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ධනය සමාජ සුබසාධනය, ආගමික කටයුතු සහ අසරණ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදාගත යුතු බවත්, මෙම යුවළගේ ආදර්ශය අනුගමනය කරන ලෙසත් මහ ඇමතිවරයා ධනවත් පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.