සුබ ආරංචියක් - මේ වගා වෙනුවෙන් රුපියල් 387,000ක නව රක්ෂණ ක්‍රමයක්
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් පැෂන් ෆෲට් වගාව වෙනුවෙන් අක්කරයකට ආසන්න ලෙස රුපියල් 387,000 ක රක්ෂණ ආවරණයක් ලබා දෙන නව රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම මුලපිරීමේ අරමුණ ලෙස අයහපත් කාලගුණික තත්ත්වයන් සහ කෘෂිකාර්මික භෝගවලට එල්ල වන අනෙකුත් තර්ජන නිසා වගාකරුවන් මුහුණ දෙන අවදානම් කළමනාකරණය කරමින් ශ්‍රී ලංකාව පුරා පලතුරු වගාව ප්‍රවර්ධනය කිරීම දක්වයි.
එසේම මණ්ඩලය සඳහන් කර ඇත්තේ පවතින එල් නිනෝ තත්ත්වයන් සහ විවිධ දේශගුණික විපර්යාසයන් කෘෂිකාර්මික වගාවන් කෙරෙහි ඇති කරන බලපෑම සැලකිය යුතු ආකාරයට වැඩි වී ඇති බවත්, ගොවීන් ආරක්ෂා කිරීමේ සහ ඔවුන්ගේ වගා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරන බවත් ය.
එසේම මෙම නව රක්ෂණ ක්‍රමය යටතේ, අක්කරයකට පැළ 400ක් වෙනුවෙන් ආවරණය ලබා දෙන අතර, අදාළ රක්ෂණ වාරික අනුපාතය 6% ක් වේ.
ගංවතුර, නියඟ, නායයෑම්, ස්වාභාවික විපත්, පාලනය කළ නොහැකි බෝග රෝග සහ පළිබෝධ හානි නිසා සිදුවන හානි මෙම යෝජනා ක්‍රමයෙන් ආවරණය කෙරෙන බව සඳහන්.
එසේම රක්ෂණ ක්‍රමයට ඇතුළත් වන වගාකරුවන් තම පැෂන් ෆෲට් වගාවන් ස්ථාපිත කිරීම සහ නඩත්තු කිරීම වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ සහ තාක්ෂණික සහාය ලබා ගැනීම අවශ්‍ය වන බව සඳහන්.