ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිමය සහයෝගීතා අවබෝධතා ගිවිසුමකට අත්සන්
නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ප්‍රධාන අභිචෝදක ජනරාල් Aleksander Gutsan අතර හමුවක් අද (26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
එහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම සහ නීතිමය සහයෝගීතාව වර්ධනය කර ගැනීම ඇතුළු වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට ද දෙපාර්ශ්වය අත්සන් තැබීය.
ශ්‍රී ලංකාවේ අපරාධවලට සම්බන්ධ වී රුසියාවට පලා ගොස් සැඟවී මූල්‍යමය කටයුතු සහ දේපළ සඟවාගෙන සිටින පුද්ගලයින්, අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතට අනුව මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව රුසියානු ප්‍රධාන අභිචෝදක ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්
තවද අධිකරණ කටයුතු ඇතුළු අනෙකුත් ක්ෂේත්රයන්හිදී ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය ද එහිදී පැසසුමට ලක් විය. මෙම අවස්ථාවට රුසියානු සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.