තත්ත්වය බරපතළයි - ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 29කට අදියර එක සහ දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් පවතින වැසි සහිත කාලගුණය නිසා දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 29කට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරන බව සඳහන් කරයි.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීම හෙට (27) දින පස්වරු 04.00 දක්වා වලංගු බව සඳහන්.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ පාළින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා ඇත.

එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, හතරළියැද්ද, උඩපළාත, ගග ඉහළ කෝරළේ, උඩදුම්බර, දොළුව සහ යටිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසත් උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඉල්ලා සිටින බව සඳහන්.

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

තවද කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, දෙහිඕවිට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර එක යටතේ විමසිලිමත්ව සිටින ලෙසත් කෑගල්ල, යටිනුවර, රඹුක්කන, ගලිගමුව, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර දෙක යටතේ අවධානයෙන් සිටින ලෙසත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තවද මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ නැගෙනහිර, නිල්දණ්ඩහින්න, කොත්මලේ බටහිර, නෝර්වුඩ්, අඹගමුන කෝරළේ, තලවාකැලේ සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටිය යුතු බව දන්වයි.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කිරිල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් එම අදියර යටතේ අනතුරු අඟවන බවයි.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්