"පුළුවන් නම් Pay Slip දෙක ළං කරලා ෆොටෝ එකක් දාන්න" - නියෝජ්‍ය ඇමති රාජ්‍ය සේවකයින්ට අභියෝග කරයි
නොවැම්බර් 30 වැනිදා රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මේ මොහොතේ තවදුරටත් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම සාධනීය ඉල්ලීමක් ලෙස සැලකිය නොහැකි බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ලෝක ආර්ථික අර්බුදය සහ උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලංකාව ද ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බැවින් මේ අවස්ථාවේ තවදුරටත් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට රජයට හැකියාවක් නොමැති බවයි.
වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩිවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට අදාළව බදු සහ අනෙකුත් අඩු කිරීම්වලින් පසු වෛද්‍යවරුන්ට ලැබෙන්නේ රුපියල් 6,500ක පමණ වැඩිවීමක් බවට පළවන ප්‍රකාශ නිවැරදි නොවන බවයි.
කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි
තම පවුලේ ද වෛද්‍ය සේවයේ නිරත පුද්ගලයෙකු සිටින බැවින් වැටුප් පත්‍රිකා පරීක්ෂා කර බැලූ බව පැවසූ ඔහු, 2024 සැප්තැම්බර් මාසයේ වැටුප් පත්‍රිකාව සහ වර්තමාන වැටුප් පත්‍රිකාව සංසන්දනය කිරීමේදී සැලකිය යුතු වෙනසක් දැකිය හැකි බව සඳහන් කළේය.
එමෙන්ම, 2024 දෙසැම්බර් මාසයේ සහ 2025 ජනවාරි මාසයේ වැටුප් පත්‍රිකා සමාජ මාධ්‍යයට ඉදිරිපත් කර වැටුප් වෙනස පෙන්වන ලෙස රාජ්‍ය සේවකයන්ට අභියෝගයක් ද කළේය.
මේ අතර, ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවකයන් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීමටත් පෙර රජය අයවැය තුනක් ඔස්සේ වැටුප් වැඩි කිරීම් යෝජනා කර ක්‍රියාත්මක කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව 2025 සහ 2026 ජනවාරි මාසවලදී වැටුප් වැඩි කිරීම් සිදුකර ඇති අතර, 2027 ජනවාරි මාසයේදී ද මූලික වැටුප් වැඩි කිරීමක් සිදුකිරීමට නියමිත බව ඔහු පැවසීය. මෙම වසර තුනක කාලය අවසන් වන විට රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් සියයට 60ත් 70ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවත්, රජයට දැරිය හැකි මට්ටමින් දීමනා ද වැඩි කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
“ඡන්දය තියන්න නෙවෙයි, නොතියන්නයි කමිටු දාන්නේ” - පළාත් සභා ඡන්දය ගැන හර්ෂණ රාජකරුණාගෙන් දැඩි චෝදනාවක්
කෙසේ වෙතත්, එම වැටුප් වැඩිවීම් ප්‍රමාණවත් නොවන බවට පවතින අදහස රජය පිළිගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 2,000ක පමණ මුදලක් වෙන් කරන බව පෙන්වා දුන් ඔහු, ඉන් රුපියල් බිලියන 1,400ක් පමණ වැටුප් හා වේතන සඳහා ද, රුපියල් බිලියන 400ක් පමණ විශ්‍රාම වැටුප් සඳහා ද වෙන් කර ඇති බව සඳහන් කළේය.
මීට අමතරව ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 2,000ක පමණ මුදලක් වෙන් කර ඇති අතර, රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 6,100ක් පමණ වන බව ද ඔහු පෙන්වා දුන්නේය. මෙවැනි විශාල මුදලක් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කර තිබියදී තවදුරටත් වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීම පිළිබඳව නැවත සලකා බැලිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වෘත්තීය සමිතිවලට සහ රාජ්‍ය සේවකයන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට, විරෝධතා දැක්වීමට සහ උද්ඝෝෂණවල නිරත වීමට ඇති අයිතිය රජය පිළිගන්නා බව ද ඔහු පැවසීය. එම අයිතිය මානව අයිතිවාසිකමක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ මොහොතේ රජයේ උත්සාහය වන්නේ රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව රාජ්‍ය සේවකයන්ට අවබෝධ කර දීම බව වැඩිදුරටත් සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට සූදානම් - සංවිධානාත්මක අපරාධ පනත හැදූ අයත් ඇමති සුනිල් වටගල හෙළි කරයි