වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සහ පෙරටුගාමීන් අතර හමුවක් - අයවැයෙන් පසු උද්ඝෝෂණ රැල්ල නතර වෙන්නේ නැහැ - දුමින්ද නාගමුවගෙන් අනතුරු ඇඟවීමක්[VIDEO]
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ නියෝජිතයන් පිරිසක් සහ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ නියෝජිතයන් අතර හමුවක් අද 25 වෙනිදා සිදුවිය.එහිදි අයවැයෙන් වෛද්‍ය නිළධාරින් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමර්ග සම්බන්ධව වැඩි දුරටත් සාකච්ඡා විය.
එහිදි අදහස දැක්වු පෙරටුගාමී සමාජවාද පක්ෂයේ දුමීන්ද නාගමුව
''මේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුණේ අයවැය සහ අයවැයෙන් පසුව ඇතිවෙලා තියෙන විවිධ ක්ෂේත්රවල ප්‍රශ්න . විශේෂයෙන්ම වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පැත්තෙන් අපට ඉදිරිපත් කළා ඔවුන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් තියෙන මිථ්‍යාව, නැත්නම් ආණ්ඩුව ගෙනියන ව්‍යාජ ප්‍රචාරය සම්බන්ධයෙන් . ඉතින් ඒ වගේම අපි අතර යම් සාකච්ඡාවක් වුණා, දැන් ඉදිරියේදී තවත් ප්‍රශ්න ගණනාවක් එන්න නියමිතව තියෙනවා. කම්කරු නීති එන්න නියමිතයි, ඊළඟට Private Public Partnership කියන Act එක එන්න නියමිතයි, ඊළඟට ලංකාව ඉතාම අවාසිදායක වෙළඳ ගිවිසුම් කලින් අත්සන් කරන්න සූදානම් වුණා, ඒවා නැවැත්තුවා . විශේෂයෙන් වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවා එයට මැදිහත් වුණා පහුගිය කාලයේ ප්‍රශ්නවලට. ඉතින් ඒ නිසා එවැනි ප්රවණතා, එවැනි යෝජනාත් දැන් මේ ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙනවා . එතකොට මේක සම්පූර්ණ රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම. දැන් ආණ්ඩුව හිතන් ඉන්නවා ඇති සමහර වෙලාවට මේ අයවැයෙන් පස්සේ මේක මේ උද්ඝෝෂණ රැල්ල බැහැලා යයි කියලා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ අයවැයෙන් පස්සේ ඒ උද්ඝෝෂණ රැල්ල බැහැලා යන් නැහැ. මේක දැන් මහ පොළොව ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. ආණ්ඩුවට ඕන නම් පුළුවන් මේක නියපොත්තෙන් කඩලා දාන්න. එහෙම නැති වුණොත් එහෙම මේක සම්පූර්ණ ලොකු දුරක් ගිහිල්ලා තමා ප්‍රශ්නයට උත්තර හොයන්න වෙන්නේ. එතකොට වැඩ වර්ජන කෙරිලා රට බරපතල ප්‍රශ්නයක් වෙලා, ආණ්ඩුවේ දේශපාලනය අභියෝගයට ලක් වෙලා, ආණ්ඩුවේ ෆේස්බුක් බලකාය ලව්වා ලියවලා රජා රකින්න කඩු ගත්ත වඳුරෝ වගේ කොටාගෙන කොටාගෙන ගිහිල්ලා, අන්තිමට ආණ්ඩුවටත් ඒ ෆේස්බුක් බලකාය විසින් හානි කරලා විශාල දේශපාලන ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තමා මේක ඉවර වෙන්නේ.
ඉතින් ඒ නිසා ආණ්ඩුව දැන් තක්සේරුවක් ගන්නවා නම් ප්‍රමාණවත් ''අයවැය අපට තුනෙන් දෙකක් තියෙනවා, අපි ඕන එකක් කරනවා, අපිට පුළුවන් සම්මත කරන්න, අපේ කොඳු නැවෙන්නේ නැහැ" වගේ නිකන් අර චණ්ඩි ටෝක්ස් දෙන්නේ නැතුව, චණ්ඩි කතා කියන්නේ නැතුව, හන්දිවල ඉන්න චණ්ඩි වගේ ඒ වගේ කතා කියන්නේ නැතුව ඊට වඩා මේ ප්රබුද්ධ විදියට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. කලින් හිටපු ඇමතිවරුත් ඔවගේ උද්ඝෝෂණ සටන් ආහන් පස්සේ කියපු දේවල්. ඉතින් මේගොල්ලන්ගේ කිසිම වෙනසක් නැහැ. 76 වසරක සාපය කිව්වට ඒ සාපයේදී ඇමතිවරු කියපු ඒවාම තමයි මේගොල්ලොත් කියන්නේ. ඉතින් ඇත්තටම මෙතන කනගාටුදායක කාරණය මේගොල්ලෝ නැවෙන්නේ කාටද? නැවෙන්නේ IMF එකට, නැවෙන්නේ ධම්මික පෙරේරාට, නැවෙන්නේ දුමින්ද හුලංගමුව ගාව, නැවෙන්නේ මේ රටේ ඔය ධනවත්ම පැළැන්තිය ගාව. ඒගොල්ලෝ ගාව හොඳට නැවෙනවා, බඩ ගානවා. වැඩ කරන පන්තිය මොනවාහරි කිව්වහම පස්සේ ඒකට පෙනේ පුප්පන්න ලෑස්ති වෙනවා. එතකොට කියනවා අපේ කොඳු නැවෙන්නේ අරෙහෙ මෙහෙ කියලා. මේක එහෙම ටෝක්ස් වලින් පාලනය කරන්න පුළුවන් තැනක නෙමෙයි තියෙන්නේ. අඩුම තරමේ ඒක වටහා ගන්න ඕනේ.''
එහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව
''පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකත්වය සහ නියෝජිතයන් හමුවෙලා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වශයෙන් අපි අයවැය සම්බන්ධව දරණ අදහස් ඔවුන් සමඟ හුවමාරු කරගත්තා. එහිදී පැහැදිලි කළා රජය මේ අවස්ථාවේදී කරගෙන යන ව්‍යාජ ප්‍රචාරය සම්බන්ධව.අදාළ 25,000 කියන අගයෙන් ඇත්තටම 12,500ක් තමයි මේ අවුරුද්දේ දෙන්නේ. ඒකෙනුත් දෙන්නේ ජුලි මාසේ ඉඳලා.ඒ විතරක් නෙමෙයි, ඒ ටික ටැක්සේෂන් ඒ කියන්නේ බදු අඩු කළාට පස්සේ රුපියල් දහස් ගාණක් තමා හම්බවෙන්නේ. එතකොට අවසානයේදී අවුරුද්දේ අගයට බෙදුවොත් සාමාන්‍යයෙන් මාසිකව රුපියල් හයදහස් ගාණක් තමා හම්බවෙන්නේ ).එතකොට හයදහස් ගාණක් ඇත්ත මුදලක් දීලා 25,000ක් දුන්නා කියන ව්‍යාජ ප්‍රචාරය හරහා මන් හිතන්නේ උත්සාහ කරනවා යම්කිසි සාමාන්‍ය සමාජයේ මේ සම්බන්ධ වෛරයක් හෝ අමනාපයක් ඇති කිරීම සඳහා. එතකොට මේක ඉතාම අගතිගාමී වැඩපිළිවෙලක්. එහිදි මාධ්‍යවේදියා ලබන 30 වෙනිදා වර්ජනයකට සම්බන්ධ වෙනවද ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන්හ. ඇත්තටම ඒ කාරණය තීරණය වෙන්නේ 27 වෙනිදා තියෙනවා මධ්‍යම කාරක සභා රැස්වීමක්. ඒ රැස්වීමේදී ලංකාව පුරාම විහිදිලා තියෙන ශාඛා සමිති ජාලයෙන් අපේ නියෝජිතයන් සහභාගී වෙනවා . එහිදී තමා තීරණය වන්නේ අවසානයේ අපි කරන්නේ මොකක්ද කියලා.