පූර්ව සූදානමෙන් සිටින්න - පොලිසියෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් [VIDEO]

Report

ශ්‍රී ලංකා පොලිසිය විසින් මහජනතාවගෙන් අතපසු වීම්, අත්වැරදීම් සහ අපරික්ෂාකාරී ක්‍රියා නිසා නිවෙස්, පාසල්, ආයතන සහ වැඩබිම් ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු හා ජීවිත හානි වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කරයි.

අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ බොහෝ ආපදා ස්වභාවික හේතූන් මත මෙන්ම මිනිස් අත්වැරදීම්, අතපසු වීම්, අපරික්ෂාකාරී බව හෝ නොසැලකිල්ල හේතුවෙන් නිවෙස්, ගෙමිදුල්, පාසල්, ආගමික ස්ථාන, වෙළඳ සැල්, ආයතන සහ කර්මාන්තශාලා වැනි ස්ථානයන් ආශ්‍රිතව සිදුවන බවට නිරීක්ෂණය වන බවයි.

ස්වභාවික හේතුවක් මත නොවන පුද්ගලයෙකුගේ නොසැලකිලිමත්කම නිසා සිදුවන යම් අනතුරක්, අපරාධයක්, නොසැලකිලිමත් ක්‍රියාවක් හෝ යුතුකම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් වන විට දී ඊට අදාළව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය නෛතිකව බැඳී සිටියද මෙසේ ඛේදනීය අවසානයක් දැකීමට පෙර පූර්ව අවබෝධයකින් හා සූදානමකින් කටයුතු කිරීමෙන් මෙම ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට බෝහෝ විට හැකියාව ඇති බව‍යි.

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන බලධාරීන් විසින් පාසල් සිසුන්ට මේ තිළිණපත් ලබාදීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

එබැවින් ඔබගේ පූර්ව සූදානම,

1. නිවස තුළ ආරක්ෂාව

* මුළුතැන්ගෙයි ගෑස්ලිප්වල සිදු විය හැකි කාන්දුවීම් පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂාකාරී වීම.

* දල්වන ලද තෙල් පහන් සහ ඉටිපන්දම් එහි අවශ්‍යතාවය නිම වූ විට නිවා දැමීමට සැලැකිලිමත් වීම.

* විදුලි ස්ත්‍රික්කය (Iron) ඇතුළු විදුලි උපකරණ භාවිත කරන විට එහි සම්බන්ධතාවයන් ආරක්ෂාකාරී තත්ත්වයේ වීම.

* අනාරක්ෂිත සහ අනවසර විදුලි සබඳතාවයක් ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකීම.

2. ගෙමිදුල ආශ්‍රිත ආරක්ෂාව

* අනාරක්ෂිත ළිං වටා ආරක්ෂිත බැමි හෝ ආවරණ යෙදීම.

* සුරතල් මසුන් ඇති කරන පොකුණු කුඩා දරුවන්ට අනතුරක් නොවන පරිදි ආරක්ෂිතව සකස් කිරීම.

* නිවසට හෝ අවට පරිසරයට අනතුරුදායක විය හැකි ගස්වැල් සහ අතු කපා ඉවත් කිරීම.

* වාහන ගාල් කරන ස්ථාන (ගරාජ) අනතුරුදායක නොවන පරිදි ආරක්ෂිතව පවත්වා ගෙන යාම.

කාන්තාවන් ගැන ජාතික සමීක්ෂණයකින් භයානක හෙළිදරව්වක් - නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා විශේෂ වැඩපිළිවෙළක්

කාන්තාවන් ගැන ජාතික සමීක්ෂණයකින් භයානක හෙළිදරව්වක් - නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා විශේෂ වැඩපිළිවෙළක්

3. පාසල් පරිශ්‍රය තුළ ආරක්ෂාව

* දිරාපත් වූ හෝ කඩා වැටීමට ආසන්න අනතුරුදායක බිත්ති සහ තාප්ප පිළිබඳව පරීක්ෂා කර පිළියම් යෙදීම.

* පාසල් භූමියේ ඇති අනතුරුදායක විශාල ගස් කඳන් හඳුනාගෙන ඉවත් කිරීම.

* පාසල් රථගාල් විධිමත්ව හා ආරක්ෂිතව පවත්වා ගෙන යාම.

* ක්‍රීඩා පිටිවල ඇති පැරණි හා දිරාපත් වූ උද්‍යාන මෙවලම් (සීසෝ, ඔන්චිල්ලා ආදිය) අලුත්වැඩියා කිරීම හෝ ඉවත් කිරීම.Get Sports Gear

* පාසල් රසායනාගාර තුළ ඇති අන්තරාදායක රසායනික ද්‍රව්‍ය ආරක්ෂිතව ගබඩා කිරීම.

4. ආයතන සහ කර්මාන්තශාලා තුළ ආරක්ෂාව

* විදුලි සෝපාන අබලන් තත්ත්වයේ පවතී නම් වහාම නඩත්තු කටයුතු සිදු කිරීම.

* ගිනි නිවන උපකරණ ස්ථාපිත කිරීම සහ දැනට ඇති උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම.

* ගිනි නිවීමේ පෙරහුරු පැවැත්වීම සහ එම උපකරණ භාවිතය පිළිබඳව සේවකයින් දැනුවත් කිරීම.

* දිරාපත් වූ සහ අබලන් විදුලි රැහැන් (වර්ය) භාවිතයෙන් වැළකීම.

* හදිසි අනතුරකදී ක්‍රියාත්මක වන අනතුරු ඇඟවීමේ නළා (Alarm Systems) ස්ථාපිත කිරීම.

* හදිසි පිටවීමේ දොරටු සහ ආරක්ෂිත පඩිපෙළවල් අවහිරතාවයකින් තොරව පවත්වා ගෙන යාම.

* හදිසි අවස්ථාවන්හිදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ පෙර සැලසුම් සකස් කර තබා ගැනීම.

* හදිසි ආපදා අවස්ථාවකදී ආබාධිත පුද්ගලයින් සහ ගර්භනී මව්වරුන් මුදා ගැනීමට හා ආරක්ෂාව සැලසීමට ප්‍රමුඛතාවය ලබා දීම.

5. වැඩබිම්, නිෂ්පාදන ආයතන, අලුත්වැඩියා සහ ඉදිකිරීම් ස්ථාන

* ඉදිකිරීම් කටයුතු වල නිරත සියලුම සේවකයින්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට සේවායෝජකයෝ අවශ්‍ය ආරක්ෂක ක්‍රියා මාර්ග ගැනීමට අවධානය දීම. * භාවිත කරන ආරක්ෂිත හිස් වැසුම්, අත්වැසුම් සහ ආරක්ෂිත ඇඳුම් කට්ටල නියමිත ප්‍රමිතියට අනුකූල දැයි නිරන්තරයෙන් පරීක්ෂා කිරීම.

* හදිසි අනතුරකදී ප්‍රථමාධාර ලබා දීම සඳහා අවශ්‍ය පහසුකම් සහ පුහුණුව සුදානම් කර තැබීම.

* හදිසි අවස්ථාවකදී සේවකයින් දැනුවත් කිරීම සඳහා අනතුරු ඇඟවීමේ නළා සහ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සන්නිවේදන කටයුතු විධිමත් කිරීම.

* යල් පැන ගිය හා අබලන් යන්ත්‍ර සූත්‍ර නිසි පරිදි නඩත්තු කිරීම.

* රසායනික ද්‍රව්‍ය භාවිතයේදී සේවකයින්ගේ ශරීර සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම.

නීතිමය අවධාරණය

මනුෂ්‍ය ජීවිතයට අන්තරාදායක වන අයුරින් නොසැලකිලිමත්ව ක්‍රියා කිරීම, යන්ත්‍රෝපකරණ මඟින් යම් පුද්ගලයෙකුට හානියක්, තුවාලයක් හෝ පාඩුවක් සිදු කිරීම මෙන්ම අපරීක්ෂාකාරීව කටයුතු කිරීම හෝ එවැනි අනාරක්ෂිත වාතාවරණයක් පවත්වා ගෙන යාම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

එබැවින් සියලුම පුරවැසියන් තම වගකීම නිසි ලෙස ඉටු කරමින් අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් අවධාරණය කර ඇත.

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි

සියලු රාජ්‍ය සේවකයන්ට රු. 25,000ක දීමනාව අවශ්‍යයි - අද රාජ්‍ය ආයතන රැසක් කැළඹෙයි - රාජ්‍ය නිලධාරීන් ගුරු විදුහල්පති ඇතුළු - කළු ඇඳුමින් පාසලට පැමිණෙයි