"ඇමතිවරු බස්වල යයි කියලා මිනිස්සු හිතුවා" - චම්පිකගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසන්නේ මෙවර අයවැයට එරෙහිව ඊයේ (23) දිනයේදී විශාල පිරිසක් සිය විරෝධය පළ කළ බවයි.
මෙම ආණ්ඩුව බලයට පත්වීම සඳහා අද විරෝධය පළ කරන ජනතාවම භාවිත කළ බවත්, එදා ලබාදුන් පොරොන්දු ඉටු නොවන බව මේ වනවිට ඔවුන්ට අවබෝධ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරුන් බස් රථවල ගමන් කරනු ඇතැයි ජනතාව අපේක්ෂා කළ බව පෙන්වා දුන් ඔහු, ඊයේ පැවති විරෝධතාව තුළින් ජනාධිපතිවරයාට ජනතාවගේ අප්‍රසාදය පිළිබඳ පණිවිඩයක් ලබාදී ඇති බවද පැවසීය.
එසේම, අතීතයේ වෘත්තීය සමිති නායකයන් ලෙස කටයුතු කළ පිරිස් අද මෙම විරෝධතා මැඩපැවැත්වීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරන බවටද ඔහු චෝදනා කළේය.
අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් තමන් පසුගිය කාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවක ප්‍රකාශවල කොටස් උපුටා ගනිමින් තමන්ට චෝදනා එල්ල කරන බවද පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, වත්මන් අධිවේගී මාර්ග ඉදිකිරීම් සඳහා තම පාලන සමයේදී වැය වූ මුදල මෙන් තුන් ගුණයක මුදලක් වැය වී ඇති බවත්, ඒ සඳහා මුදල් සොයාගත් ආකාරය පිළිබඳ ප්‍රශ්න පවතින බවත්ය.
මෙම අදහස් ඔහු පළ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.