කෙහෙළියට එරෙහිව එදා ඡන්දය දුන්නේ කවුද? - ඇමති නලින් ජයතිස්ස සියල්ල හෙළිකරයි [VIDEO]
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව 2023 වසරේදී පැවති විශ්වාසභංග යෝජනාවේ ඡන්ද ප්‍රතිඵලය සභාගත කර තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමකට අනුව මෙම ප්‍රතිඵලය සභාගත කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, 2023 සැප්තැම්බර් 8 වැනිදා පැවති එම විශ්වාසභංග යෝජනාවට පක්ෂව මන්ත්‍රීවරුන් 72 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 112කි.
වැඩි ඡන්ද 40කින් එම විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.( පක්ෂව මන්ත්‍රීවරුන් 73 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 113කි.පර්ලිමේන්තු වර්තා) එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද සිටින බව නලින්ද ජයතිස්ස මහතා එහිදී සඳහන් කර තිබේ.
ඒ අනුව, එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඡන්දය ප්‍රකාශ කළ ආකාරය පිළිබඳ තොරතුරු යළිත් පාර්ලිමේන්තුවේදී අවධානයට ලක්විය.