මෙරට උක් කර්මාන්තයට නව පණක් දෙන්න ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ගිවිසුමක්

Report

දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ උක් කර්මාන්තය ඵලදායී, තරගකාරී හා තිරසාර කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

අදාළ ගිවිසුමට ඊයේ (25) කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි. මෙම ගිවිසුම යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත උක් සංවර්ධන ව්‍යාපෘතියේ කාලසීමාව මාස 36කි.

ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු වටිනාකම අමෙරිකානු ඩොලර් 536,046කි. බ්‍රසීල රජයේ ප්‍රධාන මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනය (Brazilian Cooperation Agency) සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලය (Federal University of São Carlos) සෘජු තාක්ෂණික හා පර්යේෂණ දායකත්වය ලබාදෙයි.

මෙරට උක් කර්මාන්තයට නව පණක් දෙන්න ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර ගිවිසුමක් | Sri Lanka Brazil Sign Sugarcane Industry Deal

ශ්‍රී ලංකාව සිය සීනි අවශ්‍යතාවයෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කරන බැවින් ඒ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ගලා යයි.

දේශීය සීනි නිෂ්පාදනය ශක්තිමත් කිරීමෙන් ආනයනික සීනි මත යැපීම අවම කර විදේශ විනිමය ඉතිරි කර ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.

එමෙන්ම දේශීය උක් කර්මාන්තය මුහුණ දෙන අඩු ඵලදායීතාව, අඩු සීනි ප්‍රතිසාධන අනුපාතය සහ ඉහළ නිෂ්පාදන පිරිවැය වැනි අභියෝග ජය ගැනීම සඳහා බ්‍රසීලයේ නවීන කෘෂිකාර්මික භාවිතයන්, පර්යේෂණ හැකියාවන් සහ තාක්ෂණික දැනුම මෙරටට ලබා ගැනීමට ද අපේක්ෂා කෙරේ.

ඩොලර් වෙනුවට රුපියල්වලින් දිගුකාලීන ණය - ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් නව අවස්ථාවක්

ඩොලර් වෙනුවට රුපියල්වලින් දිගුකාලීන ණය - ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් නව අවස්ථාවක්

ලොව ප්‍රමුඛතම උක් නිෂ්පාදකයෙකු වන බ්‍රසීලයේ අත්දැකීම් හා තාක්ෂණය යොදා ගනිමින් මෙරට උක් කර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම මෙම සහයෝගීතාවයේ තවත් වැදගත් අරමුණකි.

මීට අමතරව පුහුණු වැඩසටහන් සහ දැනුම හුවමාරු කිරීම තුළින් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමට ද සැලසුම් කර තිබේ.

උක් අතුරු නිෂ්පාදන ඵලදායී ලෙස භාවිත කරමින් අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමත්, දේශීය ගොවීන්ට සහ කර්මාන්තකරුවන්ට වැඩි ආර්ථික අවස්ථා උදාකර දීමත් මෙම ව්‍යාපෘතියේ තවත් අරමුණු වේ.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිමය සහයෝගීතා අවබෝධතා ගිවිසුමකට අත්සන්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිමය සහයෝගීතා අවබෝධතා ගිවිසුමකට අත්සන්

ඒ හරහා ග්‍රාමීය ආර්ථිකය නංවාලීමට ද අපේක්ෂා කෙරේ. ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති ජෝර්ජ් ජෙරාල්ඩෝ කාද්‍රි මහතාගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට බ්‍රසීල තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, බ්‍රසීල සහයෝගීතා නියෝජිතායතනයේ සහ සාඕ කාලෝස් ෆෙඩරල් විශ්වවිද්‍යාලයේ නියෝජිතයෝ එක්ව සිටියහ.

එමෙන්ම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගී වූහ.

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න අධ්‍යාපන වෘත්තික සභාවක් - අලුත් වැඩපිළිවෙළක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න අධ්‍යාපන වෘත්තික සභාවක් - අලුත් වැඩපිළිවෙළක්