කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

Report

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ඉබෝලා පැතිරීම තහවුරු වූ රෝගීන් 12,000 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර සෞඛ්‍ය ප්‍රතිචාර දක්වන්නන් රෝගය පාලනය කිරීමට අරගල කරන විට මරණ 5,904 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව පවසයි.

එසේම අද(26) දින නිකුත් කරන ලද රජයේ දත්තවලින් පෙනී ගියේ තහවුරු කරන ලද ආසාදන 12,021 දක්වා ළඟා වී ඇති බවත්, එය දෙවන විශාලතම සහ වාර්තාගත මාරාන්තිකම වසංගතය බවත්ය.

ඉබෝලා වෛරසයේ දුර්ලභ බුන්ඩිබුජියෝ විශේෂය හේතුවෙන් ඇති වූ වසංගතය මැයි මැද භාගයේදී ඊසානදිග කොංගෝවේ ඉටුරි පළාතේ ප්‍රකාශයට පත් කර ඇත.

එතැන් සිට එය රටේ පළාත් 26 න් අටකට ව්‍යාප්ත වී තිබෙන බව වාර්තා වේ.

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

රන් වෙළඳපොළම උඩුයටිකුරු කරමින් ලෝක වෙළඳපොළේ රත්තරන් මිල බිමටම වැටෙයි - ලෝකෙම පොරකන අද රන් මිල

මෙම විශේෂිත වෛරස් ප්‍රභේදය වෙනුවෙන් දැනට අනුමත ප්‍රතිකාර හෝ එන්නත් නොමැති බැවින් මෙය කොංගෝ ඉතිහාසයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඉබෝලා වසංගතය වශයෙන් ද සැලකෙන බව සඳහන්.

එමෙන්ම එරට නැගෙනහිර ප්‍රදේශයේ හමුදාව සහ සන්නද්ධ කණ්ඩායම් අතර උත්සන්න වී ඇති ගැටුම් නිසා වසංගතය පාලනය කිරීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති අතර පවතින ගැටුම් හමුවේ ඉබෝලා මර්දන කටයුතුවල නිරත සෞඛ්‍ය සේවකයින්ට සහ මානුෂීය සහන සේවකයින්ට බලපෑමට ලක්වූ ප්‍රදේශවලින් ඉවත් වීමට ද සිදුව ඇති බව වාර්තා වේ.

එබැවින් ආසාදිතයින් හඳුනා ගැනීම ප්‍රමාද වීම, සන්නද්ධ ගැටුම් සහ සෞඛ්‍ය සේවා පද්ධතිය මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති බව පවසයි.

කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි

කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්