පොලීසියේ ඉඳන් පාතාලයට ආයුධ විකුණපු කොස්තාපල්ගේ සෙල්ලම ඉවරයි - දකුණු දිසා අපරාධ කොට්ඨාසයට භාර දෙයි

Report

සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ටී-56 ගිනිඅවියක් සහ ජීව පතොරොම් 30ක් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රතු වරෙන්තු නිකුත් කර තිබූ ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ 26 හැවිරිදි සැකකරු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය භාරයට ගනු ලැබීය.

'මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ Clean Sri Lanka බස් මෙහෙයුමේ නියමුවා හදිසියේම පුටුවට සමුදෙයි

'මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ Clean Sri Lanka බස් මෙහෙයුමේ නියමුවා හදිසියේම පුටුවට සමුදෙයි

අදාළ පොලිස් කොස්තාපල්වරයා 2025 වසරේ පෙබරවාරි 08 වැනිදා ටී-56 ගිනිඅවිය සහ ජීව පතොරොම් 30 අලෙවි කර මෙරටින් පළාගොස් තිබූ බව සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.