තවත් විනාසයක්ද? තව දවස් දෙකකින් වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් - වෙන්න යන දේ ගැන විශේෂ කාලගුණ නිවේදනයක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇත. අඳාළ නිවේදනය බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් මස 29 දින පමණ වන විට පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇත.

එසේම එහි බලපෑම හේතුවෙන්, නොවැම්බර් මස 30 වැනි දින පමණ වන විට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය, ඊට යාබද අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශය සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ පවතියි.

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

එමෙන්ම දෙසැම්බර් මස 02 වැනිදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාව ද පවතින බව සඳහන්.

එබැවින් ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

Gallery