නොවැම්බර් 29 වැනිදා තීරණාත්මක දවසක් - පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක්

Report

දකුණු අන්දමන් මුහුද සහ ඊට යාබද ප්‍රදේශ ආශ්‍රිතව නොවැම්බර් 29 වැනිදා පමණ වන විට පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (26) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙහි බලපෑමෙන් නොවැම්බර් 30 වැනිදා වන විට දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශය, අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිත ප්‍රදේශය සහ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමට ඉඩ පවතින බවයි.

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්

තවද දෙසැම්බර් 2 වැනිදා පමණ වන විට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මෙය තවදුරටත් වර්ධනය වී පීඩන අවපාතයක් බවට පත්වීමේ අඩු සම්භාවිතාවක් පවතින බවත්, අද දිනයේ දත්ත මත පදනම්ව ඉදිරි පැය 168 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි

කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි