සූර්යවංශිගේ සුපිරි පිතිහරඹයෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

Report

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් එක්දින තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය A කණ්ඩායම සමත්ව තිබේ.

මෙම තරගයේදී ඉන්දීය A කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධානතම වීරයා බවට පත්වූයේ යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශියි (Vaibhav Sooryavanshi). ඔහු පන්දු 53කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු 204ක් රැස් කිරීමට සමත්වූ අතර, ඊට හතරේ පහර 7ක් සහ දැවැන්ත හයේ පහර 28ක් ඇතුළත් විය.

ඔහුගේ ප්‍රහාරාත්මක පිතිකරණ වේගය 384.90ක් ලෙස සටහන් විය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 249ක් රැස් කළේය.

එහිදී හර්ප්‍රීත් සිං පන්දු 144කින් ලකුණු 130ක් ලබාගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර, බැසිල් හමීඩ් නොදැවී ලකුණු 36ක් රැස් කළේය.

ඉන්දීය A කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී අර්ෂාඩ් ඛාන් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගැනීමට සමත්විය.

බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

බංග්ලාදේශ A කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

ලකුණු 250ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය A කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කළේය.

සූර්යවංශිගේ විශිෂ්ට ඉනිමට අමතරව රින්කු සිං නොදැවී ලකුණු 27ක් රැස් කළේය.

ඒ අනුව තරගය කඩුලු 7කින් ජයගත් ඉන්දීය A කණ්ඩායමට තවත් පන්දු 214ක් ඉතිරිව තිබීම ද විශේෂත්වයකි. තරගයේ වීරයා සම්මානය ද්විත්ව ශතකයක් වාර්තා කළ වෛභව් සූර්යවංශිට හිමිවිය.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් - දිවයින පුරා සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක් - දිවයින පුරා සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති