ගුරු-විදුහල්පති වැටුප් විෂමතා විසඳන්න අධ්‍යාපන වෘත්තික සභාවක් - අලුත් වැඩපිළිවෙළක්

Report

ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා සඳහා සාධාරණ විසඳුම් ලබාදීමේ අරමුණින් අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

එමෙන්ම, ගුරු සහ විදුහල්පති සේවාවන්හි වෘත්තීයභාවය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම ද මෙම සභාව පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

සමුපකාර ව්‍යාපාරයේ බරපතළ වංචා සහ දූෂණ රැසක් ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.

සමුපකාර ව්‍යාපාරයේ බරපතළ වංචා සහ දූෂණ රැසක් ඇමති වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී හෙළි කරයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් සමඟ ඊයේ (25) ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදීය.

එහිදී ගුරු සහ විදුහල්පති සේවාවන්හි පවතින වැටුප් විෂමතා, දීමනා මෙන්ම සේවා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර අවධානය යොමු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අග්‍රාමාත්‍යවරිය, එම සේවාවන්හි ගැටලු සඳහා විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිලි කර ඇත.

'මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ Clean Sri Lanka බස් මෙහෙයුමේ නියමුවා හදිසියේම පුටුවට සමුදෙයි

'මත්ද්‍රව්‍ය ගත් බස් රියදුරන් ඇල්ලූ Clean Sri Lanka බස් මෙහෙයුමේ නියමුවා හදිසියේම පුටුවට සමුදෙයි