මම රට වෙනුවෙන් විශාල සේවයක් කරනවා රජයට විශාල බදු මුදලක් ගෙවනවා.. අධ්‍යාපනය වෙනුවෙන් ඩඩ්ලිත් කට අරී
එළැඹෙන අයවැයේදී හෝ අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකම මතයකට පැමිණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.
ඒ අනුව ඔහු කියා ඇත්තේ පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා රජය වෙන් කර ඇත්තේ 2%ක මුදලක් පමණක් බැවින් එය ප්‍රමාණවත් නොවන බවත්, එම ප්‍රතිපාදන 6% දක්වා වැඩි කළ යුතු බවත් ය.
ඔහු මේ පිළිබඳව පවසා සිටියේ, ගම්පහ ඔරුතොට නුගහේන පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරෙන අඩි 35ක් උසැති අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සඳහා මුල්ගල තැබීමේ මහා පුණ්‍යෝත්සවයට සහභාගී වෙමින්.
ගෙවුණු පැය 24 තුළ මි.මී 175 ක වැඩිම වර්ෂාපතනය කුරුණෑගල - බතලගොඩ ප්‍රදේශයෙන් - අද රාත්‍රී 11.30 දක්වා රතු එළියක්
එසේම රටට විශාල හිසරදයක් වී ඇති මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට රජය විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවා ඇති බවත් ඔහු ප්‍රකාශ කළ බව සඳහන්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඩඩ්ලි සිරිසේන පවසා ඇත්තේ,
“අපේ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම පිළිබඳව කලින් කලට කතා කරනවා. නමුත් ටික කලක් ගතවූ පසු ඒ සියල්ල අමතක වෙනවා. එළඹෙන අයවැයේදීවත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකම මතයකට පැමිණ අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ අනුව අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක මුදලක් වෙන් කළ යුතුයි. එසේ නොමැතිව දෙපක්ෂය දෙපැත්තට බෙදී කඹ ඇදීම සිදුකළහොත් අනාගත පරපුරත් රටේ ආර්ථිකයත් විනාශයට පත්වෙනවා. එය විශාල අපරාධයක්. ඒ වගේම භික්ෂූන් වහන්සේලා දේශපාලන කඳවුරුවලට බෙදී කටයුතු කිරීමත් පිළිකුල් සහගතයි. සමාජයට ගුරුහරුකම් සහ උපදෙස් ලබාදෙන භික්ෂූන් වහන්සේලා නැතුවා නොවෙයි. නමුත් සුළුතරයක් කරන කියන දේවල් නිසා සමස්ත ශාසනයටම විශාල කැළලක් ඇතිවෙනවා. ඒ නිසා රජය මේ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. මම රට වෙනුවෙන් විශාල සේවයක් කරනවා. සෘජු රැකියා දසදහසක් ලබාදී තිබෙනවා. රජයට විශාල බදු මුදලක් ගෙවනවා. ඒ වගේම සමාජයටත් අතිමහත් සේවයක් ඉටු කරනවා. අපි කවුරුත් එකාවන්ව එක්වී යහපත් ආර්ථිකයක් සහ යහපත් සමාජයක් ගොඩනැඟීමට කටයුතු කළ යුතුයි” යනුවෙන්.