අද වැසි තත්වය කොහොමද? අද දවසෙ වෙන අමුතු දේ මොකද්ද?

By Zara Apr 08, 2025 12:30 AM GMT
Report

අද (08) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහිදී සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (08) දහවල් 12:12 ට නයිනමඩම, සඳලංකාව කුණ්ඩසාලේ, මහියංගණය සහ කල්මුණේ යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුව තැබූ දැවැන්ත වාර්තාව

සුරාබදු දෙපාර්තමේන්තුව තැබූ දැවැන්ත වාර්තාව

ට්‍රම්ප් චීනයට තර්ජන එල්ල කරමින් කියූ දේ

ට්‍රම්ප් චීනයට තර්ජන එල්ල කරමින් කියූ දේ