සුරාබදු දෙපාර්තමේන්තුව තැබූ දැවැන්ත වාර්තාව
සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා ප්රකාශ කළේ මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇති බවයි.
ඔහු කියා සිටියේ, සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රැපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්රහණයක් බවයි.
එසේම එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරනු ලැබුවා.