අවවාදාත්මක නිවේදනයක් - අද රාත්‍රී 11 දක්වා වලංගුයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇත.
ඒ අනුව අඳාළ නිවේදනය අද (11) දින රාත්‍රී 11 දක්වා වලංගු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එසේම එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොළොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද පවසයි.
කෙසේ වෙතත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.