විදුලි ගාස්තුව වැඩි කිරීම අනිවාර්යයි - අවසන් තීරණය ගැන දැනුවත් කිරීමක්
මහජන උපයෝගීතා කොමිසමෙන් විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14 වන අඟහරුවාදා දින ප්රකාශය කිරීමට නියමිත බව ප්රකාශ කරයි.
ඒ අනුව එහි අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි.
එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා සඳහන් කළේ ප්රතිව්යූවගතකරණ වැඩපිළිවල නිවැරදි ආකාරයෙන් සිදුකිරීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි.
තවද විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර් අතුල මහතා විසින් විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මගින් දැනට ලක්ෂ 15 ක්ව පවතින අධ්යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්රමාණයක් දක්වා ඉහළ යන බව ද කියා ඇත.