අනුරාධපුරයේ හෝටලයක හදිසි ගිනිගැනීමක්

Report

 අනුරාධපුර නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි හෝටලයක අද (26) ගින්නක් හටගත් බව පොලිසිය සඳහන් කර තිබේ .

පොලිසිය සඳහන් කළේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා අවට සිටි පිරිස් එකතු වී මූලික වශයෙන් එය මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි

පසුව අනුරාධපුර ගිනි නිවීමේ ඒකකය එම ස්ථානයට පැමිණ  ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි