හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන යුපුන් අපෙන් ඉල්ලනවා - රටක් ආදරය කළ යුපුන් කළකිරීමෙන් ක්‍රීඩාවෙන් සමුගද්දි ක්‍රීඩා ඇමති කට අරී [VIDEO]

Report

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් විසින් ඉදිරිපත් කරන ලද අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක (300,000) මූල්‍ය ඉල්ලීම ඉටු කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව සඳහන් කරයි.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ යුපුන් අබේකෝන් යනු මෙරටට ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, ඔහු සමඟ මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බවත් ය.

එසේම දැනට ඉතාලියේ පදිංචිව සිටින යුපුන්, මීට මාස කිහිපයකට පෙර මෙරටට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තමන්ට ඩොලර් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන බවට වාචිකව පොරොන්දු වූ බව යුපුන් පවසන බවයි.

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

මුදල් තැන්පත් කරන්න එපා මේ මුදල් වහාම යළි ලබා ගන්න - මහ බැංකු අධිපතිගෙන් දිවයිනටම විශේෂ දැනුම්දීමක්

එසේ වුවද හිටපු අමාත්‍යවරයෙකු ලබා දුන් වාචික පොරොන්දු මත පදනම්ව රජයේ මුදල් ගෙවීමට වත්මන් අමාත්‍යාංශයට නීතිමය හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කර සිටියා.

"යුපුන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. රටට කීර්ති නාමයක් ගෙනා කෙනෙක්. ඔහු දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ. අපි දිගටම යුපුන් එක්ක සාකච්ඡා කළා. යුපුන් අමාත්‍යංශයට ආවා. ඔහු මාස කීපයකට කලින් පාර්ලිමේන්තුවටත් ආවා අපි එක්ක කතා කරන්න. නමුත් ඔහුගේ ඉල්ලීම ටිකක් වෙනස්. ඒක අපිට දෙන්න අමාරුයි. යුපුන්ට හරීන් (හිටපු) ඇමතිතුමා ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. එයා ඒ හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට ඒක දෙන්න අමාරුයි. අපි ප්‍රෆෝමන්ස් බේස් කරල තමයි ක්‍රීඩකයන්ට ගෙවන්නේ. අපි මිෂන් ඔලිම්පික් යටතේ අපි ගෙවන ගණන් තියෙනවා. ඊට එහා ගෙවීමක් කරන්න අමාරුයි. ඒ ගෙවීම් කරන්නේ වර්තමානයේ එයාලා ඉන්න පොසිෂන් එක අනුව. ඊට අමතරව කලින් ආණ්ඩුවක අමාත්‍යවරයෙක් වාචිකව ගෙවන්න පොරොන්දු වෙච්ච ගණනක් අපිට ගෙවන්න බැහැ. යුපුන් අබේකෝන් ද අනෙකුත් ක්‍රීඩකයින් මෙන් එම ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වන්නේ නම් අවශ්‍ය පහසුකම් සැලසීමට අමාත්‍යාංශය සූදානම්. නමුත් පෞද්ගලිකව ඉල්ලන මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට අපට අපහසුයි,"

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

දෙසැම්බර් 31 ට පෙර සියලුම පාසල්වල කරන්න යන වෙනස - ගුරු ස්ථාන මාරු දෙන්නෙත් මෙහෙමයි

මෙහිදී යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද අවධානය යොමු වූ අතර, ක්‍රීඩකයින්ගේ දක්ෂතාවය මත පදනම්ව ඔවුන් දිරිමත් කිරීමේ ප්‍රතිපත්තියක රජය සැමවිටම පසුවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

වහාම ක්‍රියාත්මක පරිදි නැවතත් තෙල් මිල සංශෝධනයක් - නව අගයන් මෙන්න

අඳාළ වීඩියෝ දර්ශන උපුටා දක්වා ඇත,