බිත්තර නිෂ්පාදනය පහළට

Report

පවතින අධික උෂ්ණත්වය සහ බඩඉරිඟු හිඟය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර, එය වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

සතිපතා බිත්තර මිල තීරණය කිරීම සඳහා පැවති සමීක්ෂණයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මේ වන විට වෙළඳපොළේ බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, නිෂ්පාදකයින් නියම කරන මිලට වඩා වැඩි මිලකට පවා වෙළෙඳුන් බිත්තර මිලදී ගැනීමට ඉදිරිපත් වන බවයි.

අධික උෂ්ණත්වය හේතුවෙන් කිකිළියන්ගේ බිත්තර නිෂ්පාදන හැකියාව අඩු වන අතර, බඩඉරිඟු ඇතුළු පෝෂ්‍යදායී සත්ව ආහාර හිඟය එම තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇති බවද ඔහු පැවසීය.

"ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ" - ගොවි ජනතාව මුහුණ දෙන අර්බුදය ගැන සජිත්ගෙන් චෝදනා පත්‍රයක්

"ගොවියා ණය වී වගා කළත් බීජයි පොහොරයි නෑ" - ගොවි ජනතාව මුහුණ දෙන අර්බුදය ගැන සජිත්ගෙන් චෝදනා පත්‍රයක්

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා නිෂ්පාදකයින් දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කළද, මේ දක්වා ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව සඳහන් කළ සරත් රත්නායක මහතා, අවශ්‍ය පෝෂණය යළි ලබා දුන්නද බිත්තර නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීමට යම් කාලයක් ගතවන බවද පෙන්වා දුන්නේය.

බිත්තර යනු ඉල්ලුම සහ සැපයුම අනුව මිල තීරණය වන ඉක්මනින් නරක් වන ආහාර ද්‍රව්‍යයක් බැවින්, වර්තමානයේ පවතින ඉහළ ඉල්ලුමත් සීමිත සැපයුමත් හේතුවෙන් වෙළඳපොළ මිල ඉහළ ගොස් ඇති බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම, බිත්තර නිෂ්පාදකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා සහ අදාළ බලධාරීන් සමඟ සෘජු සාකච්ඡාවක් ලබාදෙන ලෙස නැවතත් ඉල්ලීමක් කළ ඔහු, නිෂ්පාදකයින්ගේ මෙන්ම පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම්ද ආරක්ෂා වන විසඳුමක් කඩිනමින් සොයාගත යුතු බව අවධාරණය කළේය.

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට හඬ නැගූ ජ්‍යෝතිකාට එරෙහිව සමාජ මාධ්‍ය රත් වෙයි

NEET ප්‍රශ්න පත්‍ර අර්බුදයට හඬ නැගූ ජ්‍යෝතිකාට එරෙහිව සමාජ මාධ්‍ය රත් වෙයි