මේ පැතිවලට අද මි.මී. 50ට වැඩි තද වැසි

Report

නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

එසේම ඌව පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද සඳහන්.

මෙම කාලගුණ අනාවැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම කාලගුණ නිවේදනය නිකුත් කරමින් දන්වා සිටියි.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පවසයි.

අද හවස ගැන කාලගුණයෙන් අනතුරුදායක නිවේදනයක්

අද හවස ගැන කාලගුණයෙන් අනතුරුදායක නිවේදනයක්

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි බලාපොරොත්තු විය හැක.

තවද සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මගින් සිදුවිය හැකි අනතුරු, අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

වාහන ආනයනකරුවන්ට නරක ආරංචියක්

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු

අද රත්තරන් මිල ගණන් මෙන්න - රත්තරන් සිහිනය බිඳ වැටෙන ලකුණු