මම පාර්ලිමේන්තුවේ ඉන්නේ 9 ඉඳන් ඒත් මට වරෙන්තුවක් නිකුත් කරලා.. අර්ච්චුනාගේ වරෙන්තුව නිසා මැතිසබේ ඇතුළේ උණුසුම් තත්ත්වයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් රාජකාරිවලට බාධා කිරීමේ චෝදනාවට අදාළව පැවැත්වෙන නීතිමය ක්‍රියාමාර්ගයකට පෙනී නොසිටීමෙන් හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) දින අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර තිබුණා.
එසේ වුවත් ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වෙමින් සිටි බව සඳහන් වුණා. ඒ අනුව මෙම වරෙන්තුව මඟින් ඔහුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවූ බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් අද(24) දින පාර්ලිමේන්තුවේදී සිය කනස්සල්ල පළ කළා.
ඒ අනුව පාර්ලිමේන්තුවේදී මේ කාරණය ඉස්මතු කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු කටයුතුවලට සහභාගී වීම තේරී පත් වූ මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාදයක් බවත්, රාමනාදන් අර්ච්චුනා මහජන නියෝජිතයෙකු වශයෙන් තම රාජකාරි ඉටු කිරීමෙන් වැළැක්විය යුතු නැති බවත්ය.
මම වෛද්‍යවරයෙක් මට ජීවත් වෙන්න පුලුවන් මන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙනවා - මන්ත්‍රී අර්චුනාගෙන් ආන්දෝලනාත්මක් ප්‍රකාශයක්
තවද විපක්ෂ නායකවරයා කියා සිටියේ රාමනාදන් අර්ච්චුනා ජනතාව විසින් තේරී පත් වූ බවත්, ව්‍යවස්ථාදායකය තුළ ඔවුන්ගේ ස්වෛරීභාවය නියෝජනය කළ බැවින් එසේ තේරී පත් වූ නියෝජිතයෙකුට ඔහුගේ පාර්ලිමේන්තු රාජකාරි ඉටු කිරීමට කිසිදු ආයතනයක් බාධා නොකළ යුතු බවයි.
එබැවින් එය අර්ච්චුනාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව කියූ සජිත් ප්‍රේමදාස මහතා, එය සමස්තයක් ලෙස පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට ද අදාළ වන බවට තර්ක කර සිටියා. තවද ඔහු නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්නා ලෙසයි.
"මන්ත්‍රී අර්ච්චුනා මහතාගේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙනවා. ඒ පිළිබඳව වහාම තීන්දුවක් ලබා දෙන්න. ඒක ඔබතුමාගේ වගකීමක්,"
කෙසේ වෙතත් මෙම අදහස් දැක්වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගෙන් පාර්ලිමේන්තුවට පැමිණීම අධිකරණයට දැන්වුවේදැයි නියෝජ්‍ය කථානායකවරයා විමසූ අතර ඒ සඳහා රාමනාදන් අර්ච්චුනා මහතා පිළිතුරු දුන්නේ තමා සිය නීතීඥවරායාව ඒ සඳහා යැවූ බවත් එහි ක්‍රියාපටිපාටිය අධිකරණයට දැනුවූ බවත් ය.
එසේ වුවත් තමාට වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින් තමා කුමක් කළ යුතුදැයි ඔහු විමසා සිටියා. කෙසේ වෙතත් මෙම අදහස් දැක්වීමත් සමඟ අර්ච්චුනා මහතාට නිකුත් කළ වරෙන්තුව සම්බන්ධයෙන් සභාවේ විවිධ පාර්ශවයන් අදහස් දැක්වීමත් සමඟ යම් නොසන්සුන් කාරී තත්ත්වයක් ඇති විය.