කරාපිටියේ නිවසක නාන කාමරයකින් නරක් වූ මළ සිරුරක් හමු වෙයි
ගාල්ල, කරාපිටිය - මාඉටිපේ ප්‍රදේශයේ පිහිටි නිවසක නාන කාමරය තුළ තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් සොයා ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිව පදිංචිව සිටි 58 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
එම නිවසින් හමමින් තිබූ දැඩි දුර්ගන්ධයක් පිළිබඳව අසල නිවසක නවාතැන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් කරාපිටිය පොලිස් මුරපොල වෙත දැනුම් දී ඇත .
ඒ අනුව පොලීසිය අදාළ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගෙන තිබේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.