පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමෙන් ලංකාවේ සුපුන් සෝමතිලකට 4 වැනි ස්ථානය
By Kanchana
ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව අද (26) අවාසනාවන්ත ලෙස ගිලිහී ගියේය.
කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපුන් සෝමතිලක පදක්කමක් ඉලක්ක කරමින් දක්ෂ දස්කම් දැක්වූවත්, අවසානයේ ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
සුපුන් තරගයේදී මුළු බර කිලෝග්‍රෑම් 244ක් එසවූ අතර, ලෝකඩ පදක්කම දිනාගත් කෙන්යානු ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 260ක් එසවමින් ඔහුට වඩා කිලෝග්‍රෑම් 16ක ඉදිරියෙන් පසුවිය.
මෙම ඉසව්වේ රන් පදක්කම නව තරග වාර්තාවක්ද සමඟින් මුළු බර කිලෝග්‍රෑම් 273ක් එසවූ මැලේසියානු ක්‍රීඩකයා හිමිකර ගත්තේය. රිදී පදක්කම කිලෝග්‍රෑම් 264ක් එසවූ ඉන්දීය ක්‍රීඩකයාට හිමි වූ අතර, කෙන්යානු ක්‍රීඩකයා ලෝකඩ පදක්කම දිනා ගත්තේය.