බිහිසුණු බෝට්ටු අනතුරින් අතුරුදන් වූ තුන්දෙනෙක්ගේ මළ සිරුරු හමුවෙයි [VIDEO] [UPDATE]

Accident Death Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jun 28, 2025 09:18 AM GMT
Kaushi

Kaushi

Report

මේ වන විට මාතර දෙවුන්දර ධීවර වරායවලින් මුහුදු ගොස් අතුරුදන් වී සිටි ධීවරයින් සිව් දෙනාගෙන්, තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බවට නාවික හමුදාව පවසා ඇත.

එසේම සිද්ධියෙන් අතුරුදන් වී ඇති අනෙක් පුද්ගලයාවද සොයා මේ වන විටත් නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙයුම් දියත් කර ඇති බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඊයේ (27) දින දෙවුන්දර වරායෙන් ධීවරයින් පස්දෙනෙක් සමග මුහුදු ගිය යාත්‍රාවක් වාණිජ නෞකාවක ගැටීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බව වාර්තා විය.

එම අනතුරෙන් යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් මුදාගත්තත් සෙසු ධීවරයින් හතර දෙනා අතුරුදන්ව වූ බව පැවසුවා.

මෙසේ මුහුදු යාත්‍රාව වාණිජ නෞකාවේ ගැටී අනතුරට පත්ව ඇත්තේ ගොඩබිමේ සිට සැතපුම් 20 කට ආසන්න මුහුදේදීයි.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එසේම කළුතර, බේරුවල, මොරගල්ල ප්‍රදේශයෙන් ධීවර කටයුතුවලට පිටත්ව ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් අතුරුදන් වූ ධීවරයින් සෙවීමේ කටයුතු ද තවමත් ක්‍රියාත්මක බව පවසයි.

................................................................

අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා" (2.31 PM)

මුහුදේ අනතුරට පත්වූ ධීවර යාත්‍රා දෙකක අතුරුදන්ව සිටින ධීවරයින් සෙවීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යෙදවීමට ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී ඇත.

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Y-12 ගුවන් යානයක් යොදවා අතුරුදන් ධීවරයින් සොයා අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

අනතුරට ලක්වූ යාත්‍රාවලින් එකක් දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අතර, අනෙක මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවකි.

දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවරයින් පස්දෙනෙකු සිටි බවට විශ්වාස කෙරෙන අතර, එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටීමෙන් අනතුර සිදුවූ බවට සැක කෙරේ.

එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති නමුත්, ඉතිරි ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු, නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය "ධනුෂා මැරීන්" නම් කුඩා ධීවර බෝට්ටුවක් පෙරලීමෙන් එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.

" ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

" ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

මෙසේ අතුරුදන්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර යන දෙදෙනා බව වාර්තා වේ.

අතුරුදන් ධීවරයින් සොයා ගැනීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව දැඩි මෙහෙයුම් සිදුකරමින් සිටින අතර, මෙම ඛේදවාචකය ධීවර ප්‍රජාවට බලවත් සිත්තැවුලක් ඇති කර ඇත. 

වීඩියෝ දර්ශන - දෙරණ;


ReeCha