ශීත ඍතුවට ලංකාවට සංචාරකයින් ගෙන්නන්න ප්රධාන ගුවන් සමාගම් 3ක් සැරසෙයි - සංචාරක ක්ෂේත්රයට දැවැන්ත සුබ ආරංචියක්
යුරෝපීය ශීත සංචාරක සමය ඉලක්ක කරගනිමින් මෙම වසරේදී ශ්රී ලංකාව වෙත ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට ජාත්යන්තර ගුවන් සමාගම් තුනක් සැලසුම් කර තිබේ.
ඒ අනුව, රුසියාව පදනම් කරගත් අසුර් එයාර් (Azur Air) ගුවන් සමාගම නොවැම්බර් 2 වැනිදා සිට මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.
මේ අතර, ප්රංශ ගුවන් සේවයක් වන ෆ්රෙන්ච් බී (French bee) ගුවන් සමාගම ද දෙසැම්බර් මාසයේ සිට මාලදිවයින හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළ වෙත සෘතුමය ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම, රුසියාවේ S7 ගුවන් සමාගම ද දෙසැම්බර් මාසයේදී සයිබීරියාවේ නොවොසිබිර්ස්ක් නගරයේ සිට කොළඹ දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව, නොවොසිබිර්ස්ක් සහ කොළඹ අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් ක්රියාත්මක කිරීමට එම ගුවන් සමාගම සැලසුම් කර තිබේ
මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ යුරෝපීය සහ රුසියානු සංචාරකයන්ට ශ්රී ලංකාව වෙත පැමිණීම සඳහා තවත් ගුවන් සම්බන්ධතා අවස්ථා හිමිවන අතර, එළඹෙන ශීත සංචාරක සමයේදී මෙරට සංචාරක කර්මාන්තයට ද එය වැදගත් දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025 උසස් පෙළ පදනම් කරගත් විශ්වවිද්යාල ප්රවේශය අභියාචනා මත තේරී පත් වූවන්ගේ ලියාපදිංචි කිරීම් අරඹයි - අවසන් දිනය මෙන්න