පොලිසියට නීති තද වෙයි - පොලිසියේ දී සැකකරුවන්ට පහරදුන්නොත් OICට වෙන දේ මෙන්න

Report

අත්අඩංගුවට ගෙන පොලිසියේ රඳවා සිටින සැකකරුවන්ට යම් පහරදීමක් සිදු කළහොත් එහි වගකීම අනිවාර්යයෙන්ම අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා භාරගත යුතු බවට දැනුම් දී තිබේ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ විශේෂ උපදෙස් මත පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් මේ පිළිබඳව දැනුවත් කර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ, සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් සූම් තාක්ෂණය ඔස්සේ කඩිනමින් කැඳවා, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය නැවත සිහිපත් කරදීමට පියවර ගන්නා බවයි.

පොලිස් අත්අඩංගුවේ පසුවන්නන්ට පහරදීම් හෝ හිරිහැර කිරීම් කිසිසේත් අනුමත නොකරන අතර, එවැනි ක්‍රියාවල යෙදෙන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත් බවයි.

එමෙන්ම එහිදී යම් පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් වෛද්‍ය වාර්තා සහ සෙසු සාක්ෂි පදනම් කරගෙන අධිකරණය ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද ඔහු පැවසීය.

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ පළාත් කිහිපයකට වැසි සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

මේ අතර, අදාළ මරණය පහරදීමක් හේතුවෙන් සිදුවන්නට ඇති බවට විශ්වාස කරන නමුත්, ඒ පිළිබඳව නිශ්චිතවම ප්‍රකාශ කළ හැක්කේ වෛද්‍ය වාර්තාව අනුව බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඳහන් කර සිටියි.