ඉදිරි මාස දෙක ඇතුළත විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ගන්න යන තීරණය - නව වැටුප් ව්‍යුහයන් යෝජනා කිරීමටත් සූදානමක්

Report

රාජ්‍ය නිලධාරින්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමට පත්කර ඇති ජනාධිපති කොමිෂන් සභාවට මේ වන විට දුක්ගැනවිලි, ගැටලු, යෝජනා හා පැමිණිලි දොළොස් දහසක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

ඒ අනුව වැඩිම දුක්ගැනවිලි ප්‍රමාණයක් ලැබී ඇත්තේ වසර 2020- 2024 කාලසීමාවේදී විශ්‍රාම ගොස් සිටින නිලධාරින්ගෙන් බව සඳහන්.

එමෙන්ම දැනට ලැබී තිබෙන යෝජනා හා ගැටලු ඒ ඒ සේවාවන්ට අනුව වෙන්කර අධ්‍යයනය කරන බවත් යෝජනා ඉදිරිපත් කිරීමට නිශ්චිත කාලයක් ලබා දුන්නත් ඉදිරි මාස දෙක ඇතුළත ලැබෙන යෝජනා භාර ගන්නා බවත් එම කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

එසේම කොමිෂන් සභාව දැනට ලැබී තිබෙන යෝජනාවලට අදාළව කොමිෂන් සභාව ගෙන ඇති පියවර සම්බන්ධ අතුරු වාර්තාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායකට ලබාදීමටද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

ඊට අමතරව වැටුප් හා විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවතින සමස්ත තත්ත්වය අධ්‍යයනය කරමින් නව වැටුප් ව්‍යුහයන් යෝජනා කිරීමටද කොමිෂන් සභාව අවධානය යොමුකර ඇති බව සඳහන්.

ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥ මට්ටමේ නිලධාරින් සඳහා විශේෂිත වූ වැටුප්තල හඳුන්වා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාද ඉකුත් දා අවධාරණය කර ඇත.

එබැවින් දැනට යෝජනා ඉදිරිපත් කළ පිරිස් කොමිෂන් සභාවට කැඳවා කරුණු සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බවත් එම තත්ත්වය මත කොමිෂන් සභාව දිනපතාම රැස්වන බවත් ඉහත ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

තවද කොමිෂන් සභාවට රාජ්‍ය සේවකයන්ගේ වෘත්තියභාවය ඉහළ නැංවීම සහ නව තාක්ෂණික ප්‍රවණතා හා ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවයේ කුමන ආකාරයකට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් විය යුතුද යන්න සඳහා නිර්දේශ ලබාදීමද පැවරී ඇති බව සඳහන්.  

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්