ජල ගාස්තු වැඩිවෙනවා කියන කතාවලට අමාත්යවරයාගෙන් උත්තර - ඉදිරි මාස කිහිපයේ ජල ගාස්තුවලට වෙන දේ මෙන්න
By Kanchana
ලබන ජනවාරි මාසය දක්වා මෙරට ජල ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්ය සුසිල් රණසිංහ මහතා ප්රකාශ කර තිබේ.
ජනතාවට දැනට අය කෙරෙන ජල ගාස්තු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදු කිරීමට නියමිත වෙනස්කම් පිළිබඳව පවතින අවධානය හමුවේ අමාත්යවරයා මෙම ප්රකාශය සිදු කිරීම විශේෂත්වයකි.
තඹුත්තේගම ප්රදේශයේ පාසලක පැවති උත්සවයකට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්යවරයා, ලබන ජනවාරි මාසය වනතෙක් ජල ගාස්තු ඉහළ නැංවීමක් හෝ වෙනත් සංශෝධනයක් සිදු නොවන බව සඳහන් කළේය.