සංගක්කාරට ඩබ්ලින්වලදී වුණු අකරතැබ්බයට රයන්එයාර් එකෙන් අමුතු උත්තරයක්- වර්ගවාදී චෝදනාවලට මඟහැර පිළිතුරු
ඩබ්ලින් ගුවන් තොටුපළේදී තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අනිසි ලෙස සැලකූ බවට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එල්ල කළ චෝදනාවලට රයන්එයාර් (Ryanair) ගුවන් සේවය ප්රතිචාර දක්වා තිබේ.
එහිදී ගුවන් සේවය පවසන්නේ, සංක්රමණ පරීක්ෂාවන් සඳහා අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී සංගක්කාර එම ලේඛන ලබාදීම ප්රතික්ෂේප කළ බවයි.
කෙසේ වෙතත්, ගුවන් සේවය නිකුත් කළ ප්රකාශය තුළ තම කාර්ය මණ්ඩලය වර්ගවාදී ලෙස හැසිරුණු බවටත්, වෙනස් කොට සැලකූ බවටත්, තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කළ බවටත් සංගක්කාර එල්ල කළ චෝදනාවලට සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව වාර්තා වේ.
ඔක්තෝබර් 28 වැනිදා ඩබ්ලින් සිට බ්රිස්ටල් බලා පිටත්වීමට නියමිත ගුවන් යානයට ගොඩවීමේදී රයන්එයාර් කාර්ය මණ්ඩලය තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අයහපත් ලෙස සැලකූ බවට සංගක්කාර චෝදනා කළේය.
'ද අයිරිෂ් ටයිම්ස්' (The Irish Times) ඇතුළු ජාත්යන්තර මාධ්ය වාර්තා කරන පරිදි, අනිවාර්ය සංක්රමණ පරීක්ෂාවක් සිදුකරමින් සිටි නිලධාරියකු ඉල්ලා සිටි අවස්ථාවේදී අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කිරීම සංගක්කාර ප්රතික්ෂේප කර ඇති බව රයන්එයාර් පවසයි.
කුමාර් සංගක්කාරට සිදුවු අසාධරණයට පියර්ස් මෝගන් හඬ අවදි කරයි - “සංගක්කාර හමුවූ ආචාරශීලී ගෞරවනීයම පුද්ගලයන් අතර කෙනෙක්”
අදාළ ලේඛන පරීක්ෂාව පසුව සම්පූර්ණ කර ඔහුගේ ගමන් කිරීමේ සුදුසුකම් තහවුරු කරගත් බවත්, අනතුරුව ඔහු නියමිත ගුවන් යානයෙන් ගමන් කළ බවත් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබේ. එහෙත් පරීක්ෂාව අතරතුර කාර්ය මණ්ඩලය භාවිත කළ භාෂාව, ඔවුන්ගේ හැසිරීම සහ තමන්ට තර්ජනය කළ බවට සංගක්කාර කළ චෝදනා සම්බන්ධයෙන් එම ප්රකාශයේ පැහැදිලි කිරීමක් ඇතුළත් වී නොමැත.
ඩබ්ලින් ගුවන් තොටුපළේදී තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අනිසි ලෙස සැලකූ බවට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එල්ල කළ චෝදනාවලට රයන්එයාර් (Ryanair) ගුවන් සේවය ප්රතිචාර දක්වා තිබේ.
එහිදී ගුවන් සේවය පවසන්නේ, සංක්රමණ පරීක්ෂාවන් සඳහා අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී සංගක්කාර එම ලේඛන ලබාදීම ප්රතික්ෂේප කළ බවයි. කෙසේ වෙතත්, ගුවන් සේවය නිකුත් කළ ප්රකාශය තුළ තම කාර්ය මණ්ඩලය වර්ගවාදී ලෙස හැසිරුණු බවටත්, වෙනස් කොට සැලකූ බවටත්, තර්ජනාත්මක ආකාරයෙන් කටයුතු කළ බවටත් සංගක්කාර එල්ල කළ චෝදනාවලට සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව වාර්තා වේ.
ඔක්තෝබර් 28 වැනිදා ඩබ්ලින් සිට බ්රිස්ටල් බලා පිටත්වීමට නියමිත ගුවන් යානයට ගොඩවීමේදී රයන්එයාර් කාර්ය මණ්ඩලය තමන්ට සහ පවුලේ සාමාජිකයන්ට අයහපත් ලෙස සැලකූ බවට සංගක්කාර චෝදනා කළේය. 'ද අයිරිෂ් ටයිම්ස්' (The Irish Times) ඇතුළු ජාත්යන්තර මාධ්ය වාර්තා කරන පරිදි, අනිවාර්ය සංක්රමණ පරීක්ෂාවක් සිදුකරමින් සිටි නිලධාරියකු ඉල්ලා සිටි අවස්ථාවේදී අවශ්ය වීසා ලේඛන ඉදිරිපත් කිරීම සංගක්කාර ප්රතික්ෂේප කර ඇති බව රයන්එයාර් පවසයි.
අදාළ ලේඛන පරීක්ෂාව පසුව සම්පූර්ණ කර ඔහුගේ ගමන් කිරීමේ සුදුසුකම් තහවුරු කරගත් බවත්, අනතුරුව ඔහු නියමිත ගුවන් යානයෙන් ගමන් කළ බවත් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එහෙත් පරීක්ෂාව අතරතුර කාර්ය මණ්ඩලය භාවිත කළ භාෂාව, ඔවුන්ගේ හැසිරීම සහ තමන්ට තර්ජනය කළ බවට සංගක්කාර කළ චෝදනා සම්බන්ධයෙන් එම ප්රකාශයේ පැහැදිලි කිරීමක් ඇතුළත් වී නොමැත.
සංගක්කාරගෙන් වර්ගවාදී සැලකීමක් පිළිබඳ චෝදනා සිය සමාජ මාධ්ය ගිණුමේ මුලින්ම පළ කළ සටහනකින් සංගක්කාර මෙම අත්දැකීම දැඩි කම්පනයක් ඇති කළ, කිසිසේත් පිළිගත නොහැකි සිදුවීමක් ලෙස විස්තර කළේය.
එහිදී ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තම පවුලේ සාමාජිකයන් සමඟ කතා කළ ආකාරය, පරීක්ෂණ ක්රියාවලිය හැසිරවූ ආකාරය සහ තමන්ට තර්ජනාත්මක ප්රකාශ සිදුකළ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචන එල්ල කළේය. පසුව සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් සංගක්කාර කියා සිටියේ, තමන් සතු ගමන් බලපත්රය වැනි ගමන් බලපත්ර දරන පුද්ගලයන් මෙවැනි සැලකීම්වලට මුහුණදීමට අපේක්ෂා කළ යුතු බවට කාර්ය මණ්ඩල සාමාජිකයන් පැවසූ බවයි.
එම ප්රකාශයට තමන් විරෝධය පළ කළ අවස්ථාවේදී, කාර්ය මණ්ඩලය සමඟ තර්ක කිරීම හේතුවෙන් තමන් අනෙකුත් මගීන්ට තර්ජනයක් ලෙස සැලකිය හැකි බවටත්, එසේ වුවහොත් ගුවන් යානයට ගොඩවීම තහනම් කළ හැකි බවටත් අනතුරු ඇඟවූ බව සංගක්කාර සඳහන් කළේය.
මෙම සිදුවීම සාමාන්ය සංචාරක ලේඛන පරීක්ෂාවක් පමණක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් ඔහු, කාර්ය මණ්ඩලයේ ප්රකාශ සහ හැසිරීම තුළ වර්ගවාදී ස්වභාවයක් පැවති බවට චෝදනා කළේය.
ගුවන් සේවයේ ප්රතිචාරයෙන් මතු වන ප්රශ්න රයන්එයාර් ගුවන් සේවයේ පැහැදිලි කිරීමෙන් වීසා ලේඛන පරීක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කර තිබුණද, සංගක්කාර විසින් එල්ල කළ වර්ගවාදී වෙනස්කම් කිරීම, තර්ජනාත්මක හැසිරීම සහ කාර්ය මණ්ඩලය භාවිත කළ භාෂාව පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැත.
එමෙන්ම, සංගක්කාරගේ චෝදනා ස්වාධීනව තහවුරු කර ඇති බවට ද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ඒ අනුව, මෙම සිදුවීමේදී මතු වී ඇති ප්රධාන ගැටලුව වන්නේ අනිවාර්ය සංචාරක ලේඛන පරීක්ෂාවන් ක්රියාත්මක කිරීම පමණක් නොව, එම ක්රියාවලිය අතරතුර මගීන්ට සැලකූ ආකාරය පිළිබඳව ද යන්නයි.
ගුවන් සේවයේ නිල පැහැදිලි කිරීම සහ සංගක්කාර ඉදිරිපත් කළ චෝදනා අතර පවතින මෙම වෙනස හේතුවෙන් සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්ය වී තිබේ.
ගක්කාරගෙන් වර්ගවාදී සැලකීමක් පිළිබඳ චෝදනා සිය සමාජ මාධ්ය ගිණුමේ මුලින්ම පළ කළ සටහනකින් සංගක්කාර මෙම අත්දැකීම දැඩි කම්පනයක් ඇති කළ, කිසිසේත් පිළිගත නොහැකි සිදුවීමක් ලෙස විස්තර කළේය.
එහිදී ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තම පවුලේ සාමාජිකයන් සමඟ කතා කළ ආකාරය, පරීක්ෂණ ක්රියාවලිය හැසිරවූ ආකාරය සහ තමන්ට තර්ජනාත්මක ප්රකාශ සිදුකළ බව කියන සිදුවීම් සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචන එල්ල කළේය.
පසුව සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් සංගක්කාර කියා සිටියේ, තමන් සතු ගමන් බලපත්රය වැනි ගමන් බලපත්ර දරන පුද්ගලයන් මෙවැනි සැලකීම්වලට මුහුණදීමට අපේක්ෂා කළ යුතු බවට කාර්ය මණ්ඩල සාමාජිකයන් පැවසූ බවයි.
එම ප්රකාශයට තමන් විරෝධය පළ කළ අවස්ථාවේදී, කාර්ය මණ්ඩලය සමඟ තර්ක කිරීම හේතුවෙන් තමන් අනෙකුත් මගීන්ට තර්ජනයක් ලෙස සැලකිය හැකි බවටත්, එසේ වුවහොත් ගුවන් යානයට ගොඩවීම තහනම් කළ හැකි බවටත් අනතුරු ඇඟවූ බව සංගක්කාර සඳහන් කළේය.
මෙම සිදුවීම සාමාන්ය සංචාරක ලේඛන පරීක්ෂාවක් පමණක් ලෙස සැලකිය නොහැකි බව පෙන්වා දුන් ඔහු, කාර්ය මණ්ඩලයේ ප්රකාශ සහ හැසිරීම තුළ වර්ගවාදී ස්වභාවයක් පැවති බවට චෝදනා කළේය.
වන් සේවයේ ප්රතිචාරයෙන් මතු වන ප්රශ්න රයන්එයාර් ගුවන් සේවයේ පැහැදිලි කිරීමෙන් වීසා ලේඛන පරීක්ෂාව සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ඉදිරිපත් කර තිබුණද, සංගක්කාර විසින් එල්ල කළ වර්ගවාදී වෙනස්කම් කිරීම, තර්ජනාත්මක හැසිරීම සහ කාර්ය මණ්ඩලය භාවිත කළ භාෂාව පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබාදී නොමැත.
එමෙන්ම, සංගක්කාරගේ චෝදනා ස්වාධීනව තහවුරු කර ඇති බවට ද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ඒ අනුව, මෙම සිදුවීමේදී මතු වී ඇති ප්රධාන ගැටලුව වන්නේ අනිවාර්ය සංචාරක ලේඛන පරීක්ෂාවන් ක්රියාත්මක කිරීම පමණක් නොව, එම ක්රියාවලිය අතරතුර මගීන්ට සැලකූ ආකාරය පිළිබඳව ද යන්නයි. ගුවන් සේවයේ නිල පැහැදිලි කිරීම සහ සංගක්කාර ඉදිරිපත් කළ චෝදනා අතර පවතින මෙම වෙනස හේතුවෙන් සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කිරීම් අවශ්ය වී තිබේ.