ලංකාවේ ලාෆ්ස් ගෑස් මුළුමනින්ම අත්හිටුවයිද? උඩුදුවන ලාෆ්ස් ගෑස් අර්බුදයට රජය ගන්න යන දැවැන්ත තීරණය - එක්කෝ ලිට්‍රෝ නැත්තම් අලුත් ගෑස් එකක්

Report

ලාෆ්ස් ගෑස් සමාගම මඟින් මෙරට වෙළෙඳපොළට අඛණ්ඩව ගෑස් සැපයීම දිගින් දිගටම පැහැර හරින්නේ නම්, පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්වීම වැළැක්වීමට ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් පිරවීමට අවසර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කරන බවට පුවත් වාර්තා වේ.

තවද මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සතියේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද ඔහු පැවසූ බව සඳහන්.

ඒ අනුව වෙළෙඳපොළ තුළ මෑතකදී නිර්මාණය වූ ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, ලිට්රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද, ඉකුත් සතියේ මාලදිවයිනේ සිට ගෑස් රැගත් නෞකාවක් පැමිණීම දින තුනකින් ප්‍රමාදවීම නිසා සිලින්ඩර 240,000ක පමණ තාවකාලික හිඟයක් හටගත් බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්‍රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි

කෙසේ වුවද මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාව මෙරටට පැමිණීමෙන් අනතුරුව දෛනික බෙදාහැරීම සිලින්ඩර 100,000 දක්වා ඉහළ නංවා එම හිඟය සමනය කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබුණා.

එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කර ඇත්තේ වෙළෙඳපොළේ පවතින සැබෑ අර්බුදය ලිට්රෝ සැපයුම නොව, මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 20%ක කොටසකට හිමිකම් කියන ලාෆ්ස් සමාගම මාස දෙකක පමණ කාලයක සිට වෙළෙඳපොළට ප්‍රමාණවත් ලෙස ගෑස් නිකුත් නොකිරීම බවයි.

ඒ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඔස්සේ ලාෆ්ස් සමාගම දැනුවත් කර සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙසත්, එසේ නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දී තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම ලාෆ්ස් සමාගමට සැපයුම ලබාදිය නොහැකි නම් ඔවුන්ගේ සිලින්ඩර සඳහා ලිට්රෝ සමාගම හරහා ගෑස් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටිය ද, ලාෆ්ස් සමාගම මෙතෙක් ඊට ස්ථිර පිළිතුරක් ලබා දී නොමැති බවත් ඔහු පැවසූ බව සඳහන්.

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

අද වෙනකල් මේ පිටපත භාර නොදුන් අයට මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක් - හෙට සිට මෙය අනිවාර්යයි

ලාෆ්ස් සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කිරීමට සහ 20%ක් දේශීය වෙළෙඳපොළට සැපයීමේ පදනම මත බව නියෝජ්‍ය අමාත්‍යවරයා, පෙන්වා දුන් අතර වර්තමානය වන විට ඔවුන් දේශීය වෙළෙඳපොළට එම 20% හෝ නිසි පරිදි ලබා නොදෙන අතර අපනයන කටයුතු ද සිදු නොකරන බවට ප්‍රකාශ කළ බව සඳහන්.

එබැවින් අපනයනය සඳහා වරප්‍රසාද ලබාගත් සමාගමකට මෙරට තුළ පමණක් වෙළෙඳාම් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඔවුන්ගේ සැපයුම් මුළුමනින්ම අත්හිටුවන්නේ නම් ලිට්රෝ සමාගමට සම්පූර්ණ වෙළෙඳපොළ ආවරණය කළ හැකිදැයි සොයා බලා අවශ්‍ය වුවහොත් නව සමාගමකට වෙළෙඳපොළ විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළ බව ද වාර්තා වේ.

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පත් සහ රියැදුරු බලපත්‍ර ගැන නිවේදනයක් - ලාංකිකයන්ට හා රියදුරන්ට දැනුම්දීමක්