යුද හමුදා බුද්ධි තොරතුරක් - ලක්ෂ 4කට අධික අයිස් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
By Kaushi
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ලද බුද්ධි තොරතුර අනුව යුද හමුදාව සහ පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව පානදුර පිංවත්ත ප්රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.
අද මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය.. ප්රකාශයටත් පෙරම මිල ඉහළ යන බවට අනාවැකි
එසේම එහිදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු සතුව තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 56 මිලිග්රෑම් 490ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
එමෙන්ම යුද හමුදාව සඳහන් කළේ නිලධාරීන් භාරයට ගෙන ඇති මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් 480,000ක් පමණ වන බවයි.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව ඉදිරි විමර්ශන පානදුර පොලිසිය මඟින් සිදුකරන බව සඳහන්.