පරිගණක දත්ත වෙනස් කර කෝටි 5කට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පෞද්ගලික ආයතනයක සේවය කරමින් එහි පරිගණක දත්ත පද්ධතියට ව්යාජ තොරතුරු ඇතුළත් කර රුපියල් 59,656,496.84ක මුදලක් වෙනත් ගිණුම් වෙත ලබාගෙන සාපරාධී සාවද්ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය විමර්ශන අංශ 04 මගින් ආරම්භ කළ විමර්ශනයකට අදාළව, කටුනායක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (30) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.