අවමගුලකට සහභාගි වූ දෙදරු පියාගේ නිසල සිරුර ඇළ මාර්ගයක
බගවන්තලාව ප්රදේශයේ ඇළ මාර්ගයක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව, චැපල්ටන් වතුයායේ පදිංචිව සිටි තිරු නාගරාජා නමැති 46 හැවිරිදි දෙදරු පියෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (30) රාත්රියේ බගවන්තලාව, මෝරා වතුයායේ පැවැති ඥාතියෙකුගේ අවමංගල්ය උත්සවයකට සහභාගී වී පා ගමනින් නිවස බලා පැමිණෙමින් සිට ඇති බව පොලිසිය පවසයි.
එලෙස පැමිණෙමින් සිටියදී අදාළ පුද්ගලයා කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ගයට වැටී මියයන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.