මහජන අයිතිවාසිකම් අනතුරේද? යෝජිත PSTA පනතට එරෙහිව සිවිල් සංවිධාන නැඟී සිටියි
යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) පනත මඟින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින් වෘත්තීය හා සිවිල් සංවිධාන කිහිපයක් අද (31) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලිපියක් භාරදී තිබේ.
එම සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ යෝජිත පනත ත්රස්තවාදය වැළැක්වීමේ අරමුණින් පමණක් සකස් කළ එකක් නොවන බවයි.
රජයට එල්ල වන විරෝධතා සහ විවිධ ගැටලු මැඩපැවැත්වීම සඳහා මෙම පනත භාවිත කළ හැකි පරිදි සකස් කර ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
එබැවින් මහජන අයිතිවාසිකම්වලට හානි සිදුවිය හැකි බව පවසමින් යෝජිත රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පනත වහාම හකුළා ගන්නා ලෙස රජයට බල කරමින් මෙම ලිපිය භාරදීමට පියවර ගෙන තිබේ.
මෙම අවස්ථාවට වෘත්තීය හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් වෛද්ය චමල් සංජීව මහතා සහ සමගි වෘත්තීය හා සිවිල් සංවිධාන එකමුතුවේ ආනන්ද පාලිත මහතා ඇතුළු නියෝජිතයෝ එක්ව සිටියහ.
වෛද්ය චමල් සංජීව මහතා වෘත්තීය හා සිවිල් සංවිධානවල කැඳවුම්කරු ලෙසත්, ආනන්ද පාලිත මහතා සමගි වෘත්තීය හා සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින්ත් මෙම විරෝධතාවට එක්වූහ.