දෙවන 20යි 20 තරඟය අද

Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) අද පැවැත්වීමට නියමිතයි.

තරගය අද රාත්‍රී 7.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී පැවැත්වෙනු ඇත.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජය ගැනීමට සමත් විය.

තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට - ඇමති ටී.බී. සරත්

තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට - ඇමති ටී.බී. සරත්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස තරගය කඩුළු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිල අද සමත්වුවහොත් ශ්‍රී ලංකා පිලට 20-20 තරගාවලියේ ජයද හිමිවනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මේ දක්වා 20-20 තරග 8කට ක්‍රීඩා කර තරග 5ක් ජයගත් අතර තරග 3ක් පරාජයට පත්වුණි.

බංග්ලාදේශ කණ්ඩායම දඹුල්ල ක්‍රීඩාංගණයේදී මෙලෙස ජාත්‍යන්තර 20-20 තරගයකට එක්වන්නේ පළමු වරටයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ මේ දක්වා පවත්වා ඇති 20-20 තරග 8න් තරග 5ක් පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජයගෙන ඇති අතර තරග 3ක් දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම ජය ගෙන තිබේ.

අද පැවැත්වෙන තරගයේ සියලුම ප්‍රවේශපත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා නිවේදනය කළ අතර ඒ අනුව අද දිනයේදී පල්ලේකැලේ මෙන් දඹුල්ල ක්‍රීඩාංගණයත් ක්‍රීඩාලෝලීන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරීයාමට නියමිතය.

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු