ගිනි ගණන්වලට ආහාර විකුණන කඩවලට වැඩ වරදී – බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක හදිසි වැටලීමක්

Report

දිවයින පුරා ප්‍රධාන බස් නැවතුම්පොළ සහ දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත වෙළෙඳසැල් රැසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසි පරීක්ෂාවට ලක්කර තිබේ.

ඊයේ (20) සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී වෙළෙඳසැල් 112ක් පරීක්ෂා කර ඇති අතර, මගී ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ප්‍රවාහන මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුවන අසාධාරණ වෙළෙඳ ක්‍රියා වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණ වී ඇත.

වැටලීම්වලදී නිෂ්පාදකයා සඳහන් කළ උපරිම සිල්ලර මිල ඉක්මවා බීම වර්ග, කෙටි ආහාර සහ ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම ඇතුළු අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - මූල්‍ය ආයතන 11ට දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක් - මූල්‍ය ආයතන 11ට දඩ

                  

එමෙන්ම, භාණ්ඩවල මිල පාරිභෝගිකයාට පැහැදිලිව පෙනෙන පරිදි ප්‍රදර්ශනය නොකිරීම, ඇසුරුම් කළ භාණ්ඩවල නිෂ්පාදන දිනය, කල් ඉකුත්වීමේ දිනය, කාණ්ඩ අංකය සහ නිෂ්පාදකයාගේ තොරතුරු සඳහන් නොකිරීම මෙන්ම කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා තබා තිබීමද හඳුනාගෙන ඇත.

අදාළ වැරදි සිදුකළ වෙළෙඳසැල් සහ ආපනශාලාවලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීමට කටයුතු කරන බව එම අධිකාරිය සඳහන් කරයි.

මගී ජනතාවගෙන් අධික මිල අයකරන සහ ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙවැනි වැටලීම් ඉදිරියටත් දිවයින පුරා අඛණ්ඩව සිදුකරන බවත්, වෙළෙඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි දුරකථන අංකය හරහා පැමිණිලි කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු ඇමති මහින්දගෙන් උපදෙස්

කටුවාන ගින්න ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි කම්කරු ඇමති මහින්දගෙන් උපදෙස්