ඉදිරි සති තුනේ ලංකාවේ තත්ත්වය දරුණුයි - සියලුම රාජ්‍ය ආයතන වෙත විශේෂ උපදෙස්
ඉදිරි සති තුනක කාලය සඳහා ද ඩෙංගු අවදානම් මට්ටමේ පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඔහු සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම යම් පාලනයක් පැවතියද අගෝස්තු මැද දක්වා වූ කාලය තවදුරටත් අවදානම් මට්ටමේ පවතින බවයි.
එසේම දිස්ත්‍රික්ක 3ක හැරුණු කොට අනෙකුත් දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම යම් පාලනයක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳව අවධානය යොමු කරමින් ප්‍රදේශ සහ පරිශ්‍ර පිරිසිදු කර ගැනීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරගත යුතු බව පවසමින්.
තත්ත්වය දරුණුයි - රෝහලට රැගෙන එන සෑම අවස්ථාවකදීම මෙම ලියකියවිලි අනිවාර්යයෙන් රැගෙන එන්නැයි මේ දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
එමෙන්ම ඩෙංගු මැඩපැවැත්වීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වෙත අඛණ්ඩව මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා උපදෙස් ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ අනුව තවදුරටත් ඉදිරි සති තුනක කාලය සඳහා මෙම අවධානය පවතින බව පෙන්වා දෙන ලදි.
"ඩෙංගු කියන්නේ එක දවසක් ඔක්කෝම පාරට බැහැලා විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මදුරු කීටයින් බෝවන තැන් තිබෙනවා. මේ තිබෙන වැසි තත්ත්වය මත තැන් තැන්වල ඒ මදුරුවන් වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපේ ගෙවල්වල අවධානයට ලක් නොවන තැන්වල පවා මේ මදුරු කීටයන් බෝවන අවස්ථා තිබෙනවා. ඒ නිසා අඛණ්ඩව මේ කටයුතු සිදුකළ යුතුයි. හැම රාජ්‍ය ආයතනයකටම අපි කියලා තියෙනවා අඛණ්ඩව මේ කටයුතු සිදුකරගෙන යන්න කියලා. රෝගීන් වාර්තාවීම වැඩිවෙනවා වගේම මට කියන්න පුළුවන් මේ ජනතාවගේ මැදිහත් වීම මත යම් කිසි ආකාරයකට දිස්ත්‍රික්ක තුනක ඇරුණාට පස්සේ මේ කටයුතු ට්‍රෙන්ට්ඩ් එක අනිත් පැත්ත හැරෙමින් පවතිනවා විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පවා. ඒ නිසා අපි ඒක ගැන වැඩිපුරම කතා කරන්න යන්නේ නෑ අවදානම තියාගන්න. තව සති තුනක් යනකන් අවදානම තිබෙනවා. ඒ දක්වා එකදිගටම මේ පිරිසිදු කිරීමේ කටයුතු කරන්න, අපේ MOH, PHI නිලධාරීන් කැඳවා ගන්න ධූමායන කටයුතු සිදුකරගන්න. තමාට තිබෙන ඉතාම කුඩා තැනක පවා මේක ඇතිවෙලා තිබෙන්නට පුළුවන්. ඒවාට තමන්ගේ අවධානය යොමු කරන්න ඒ කටයුතු අපි අඛණ්ඩව කරගෙන යමු."