මෙම ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කරයි - පුද්ගලයෙක් අධිසැර විදුලි කුළුණකට නැගීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක්
තම බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් නිසා මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පිහිටි අධිසැර විදුලි කුළුණකට පුද්ගලයෙකු ගොඩවීම හේතුවෙන් එම ප්‍රදේශයේ විදුලි සැපයුම ඇණහිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා වීමත් සමඟ විදුලිබල මණ්ඩලය මඟින් අදාළ ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධි කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත් විදුලි කුළුණ මතට නැඟ සිටින මෙම පුද්ගලයා පහතට බැස්සවීමට පොලිසිය මේ වන විටත් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව පවසයි.